දෙමළ සන්ධානය සමඟ ඩයස්පෝරාව මත ගැටුමක

Published in පුවත්
Saturday, 01 August 2015 13:21

එළඹෙන මහ මැතිවරණයෙන් පසු දෙමළ ජාතික සන්ධානය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එම පක්ෂය හා දෙමළ ඩයස්පෝරාව අතර දැඩි මත ගැටුමක් උද්ගතව තිබේ.

මහ මැතිවරණයෙන් අනතුරුව පත්වන රජයට කිසිදු සහයෝගයක් දෙමළ ජාතික සන්ධානය නොදැක්විය යුතු බවත් යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව තුළ සිට රජයට බලපෑමක් කළ යුතු බවත් දෙමළ ඩයස්පෝරාවේ මතය වී තිබේ.

එහෙත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේ මතය වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කොට තම ප්‍රශ්න විසඳාගත යුතු ‍බවයි.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබලයකු වන උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා මේ ප්‍රශ්නයේදී දරන්නේ දෙමළ ඩයස්පෝරාවට හිතවාදී මතයක් ‍බව වාර්තාවේ.

ඔහු පසුගිය කාලයේදී ඇමෙරිකාවේ ද සංචාරයක නියැළුණු අතර එහිදී ඇමෙරිකාව කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වන ඩයස්පෝරා සංවිධායකයන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබේ.

මේ අතර උතුරු පළාතේ මහ ඇමැතිවරයා ලෙස තමා ස්වාධීනව කටයුතු කරන බවත් මහමැතිවරණයේදී කිසිම පැත්තක් නොගන්නා බවත් විග්නේශ්වරන් මහතා පසුගියදා ප්‍රකාශ කළේ ය.

silumina

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us