News Items (18842)
රාජපක්ෂලා ණය බරින් පීඩිත ගොවියන්ගේ අරමුදලත් හොරා කෑවා
මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට ණය බරින් පීඩිත වූ ගොවියන් දිවි නසා ගත් බවත් ගොවියන්ට ණය ගෙවා ගත නොහැකිව අසරණ වූ විට ඒ ණය පියවීම සදහා පැවති අරමුදලේ මුදල් පවා රාජපක්ෂගේ ප්‍රතිරූපය නංවා ගැනීමේ අසාර්ථක ව්‍යාපෘති වලට යොදවා අැති බව හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද (31)පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.
මහින්ද රාජපක්ෂ මහතාගේ හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයන් අතර පසුගිය දින කිහිපයේදීම රහසිගත සාකච්ඡා වට කිහිපයක් සිදුව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
නීති විරෝධී සහ මහජනතාවට අපහසුතාවක් වන පරිදි පැවැත් වූ ප්‍රචාරක් රැස්වීමක් සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත ඒ පිළිබඳව සොයා බැලීමට ගිය අතුරුගිරිය පොලීසියේ නිලධාරියෙකුට නියෝජ්‍ය අමාත්‍යවරයකු විසින් බැණවැදී තර්ජනය කිරීමේ පුවතක් වාර්තා වී තිබිණි.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහතා ජනාධිපති වූ පසු අපට හැමදාම අවුරුදු වගේ යයි කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඞ් බදියුදීන් මහතා පවසා ඇත. අප දන්නා පරිදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වීමට පෙර ද රිශාඩ්ලාට 'අවුරුදු' වලින් අඩුවක් නොතිබුණු අතර ඔහු ආපදා කළමණාකරන ඇමති වරයා ලෙස යුධ සහ පශ්චාත් යුධ කාල සීමාව පුරාම අඩුවකින් පාඩුවකින් තොරව අවුරුදු කෑවේය.
ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ සොඳුරු මිනිසා අප අතරින් උදුරාගෙන අදට වසර 26ක්
ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ ඒ සොඳුරු මිනිසා අප අතරින් උදුරාගෙන අදට වසර 26කි. මේ ඔහු වෙනුවෙන් මාලතී කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳිය කලකට පෙර තැබූ සටහනකි.
ප්‍රියේ නුඹ ම.......
මහින්ද රාජපක්ෂ කුඩු කාරයන් සමග කරට අත දමාගෙන කටයුතු කළ නිසා අදත් සන්ධාන ලැයිස්තුවට කුඩු කාරයන් ඇතුළත්ව ඇති බව ඔහු ජෝසෆ් මයිකල් පෙරේරා මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද (31)පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ස්ටිකර් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලිලන්ත පෙරේරා ඇතුලු තිදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරතව සිටියදී වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
MH370 යානයේ සුන්බුන් ගමන් කරන දිශා දක්වමින් මීට වසරකට පෙර තමා ඉදිරිපත් කළ සාගර විද්‍යා සිතියම පෙරේදා (29) යානා කොටසක් හමුවූ රීයූනියන් දූපත දක්වා විහිදෙන බව බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා පවසයි.
සී.බී.ගේ වාහනේ අල්ලලා-මනාප අංකයයි රූපයයි ස්ටිකරයකින් වසා මුදා හරී
නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් නායක සී.බී.රත්නායක මහතාගේ ජීප් රථය හැටන් මල්ලිඅප්පුව පොලිස් මාර්ග බාධකයේදී හැටන් පොලීසිය භාරයට ගෙන තිබේ.
