මං බැන්නේ නෑ - සුජීව කියයි

Published in පුවත්
Friday, 31 July 2015 15:28

නීති විරෝධී සහ මහජනතාවට අපහසුතාවක් වන පරිදි පැවැත් වූ ප්‍රචාරක් රැස්වීමක් සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත ඒ පිළිබඳව සොයා බැලීමට ගිය අතුරුගිරිය පොලීසියේ නිලධාරියෙකුට නියෝජ්‍ය අමාත්‍යවරයකු විසින් බැණවැදී තර්ජනය කිරීමේ පුවතක් වාර්තා වී තිබිණි.

මේ එම සිදුවීමට සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා දක්වා තිබූ ප්‍රතිචාරයයි. කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ රූපවාහිනී දේශපාලනික සාකච්ඡා වැඩසටහන් වලදී ද ඒ මහතා ඉතා ආවේගශීලී ලෙස හැසිරෙනු දක්නට ලැබිණි.

ප්‍රතිචාරය උපුටා ගැනීම - ලංකාදීප
හබරකඩ හන්දියේදී බ්‍රහස්පතින්දා (30) තමන් පැවැත්වූ රැස්වීම නීති විරෝධී එකක් නොවන බවත් තමන් කිසිදු පොලිස් නිලධාරියකුට බැන නොවැදුණු බවත් අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කියයි.

ලොරියක බෆල් යොදාගෙන පැවැත්වූ රැස්වීමකට නීති විරෝධී යැයි කියමින් පැමිණි පොලිස් සැරයන්වරයකු රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවත් නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ලංකාදීපයට ප්‍රකාශ කළේය.

තමන් මේ ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර මහතාට පවසා ඔහුගේ අවසරය මත රැස්වීම කරගෙන ගිය බවත් ඒ අතර අදාළ සැරයන්වරයා පොලිසියට ගොස් තමන් බැන වැදුණු බවට පැමිණිලි කර ඇතැයිද සේනසිංහ මහතා සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us