රිශාඩ්, ඔබට නම් හැමදාම අවුරුදු !

Published in පුවත්
Friday, 31 July 2015 14:27

මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහතා ජනාධිපති වූ පසු අපට හැමදාම අවුරුදු වගේ යයි කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඞ් බදියුදීන් මහතා පවසා ඇත. අප දන්නා පරිදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වීමට පෙර ද රිශාඩ්ලාට 'අවුරුදු' වලින් අඩුවක් නොතිබුණු අතර ඔහු ආපදා කළමණාකරන ඇමති වරයා ලෙස යුධ සහ පශ්චාත් යුධ කාල සීමාව පුරාම අඩුවකින් පාඩුවකින් තොරව අවුරුදු කෑවේය.

පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පිණිස අවසන් මොහොතේ ඉදිරිපත් වී ඒ අනුහසින් දැනටත් අවුරුදු කන අතර පසුගිය දා විල්පත්තුව ද එළිකරමින් අවුරුදු කෑ බව අපට මතකය. ගැටළුව නම් මොවුන්ට සිය ඡන්දය ප්‍රකාශ කරනා අහිංසක ජනතාව අවුරුදු කන්නේ කවදා ද යන්නයි.

අළුත්ගම ගිනි තබද්දී ඇමති පුටුවේ යහතින් වැජඹෙමින් ජාතිය හෝ ආගම ගැන නොකියා බැරි කමට කෙඳිරි ගගා උන් රිශාඩ්ලා හෙටද ආගමේ හා ජාතියේ නාමයෙන් චන්දය හිඟාකනු ඇත. බලය ඉදිරියේ හැම අතටම කොන්ද නවනා උන්ගෙන් මොනම ජාතියකට හෝ ආගමකට මොනම දෙයක් හෝ නොලැබෙන බවද, හැම තක්කඩියාගේම අවසාන රැකවල් ස්ථානය ජාතිය බවද රටේ ජනතාව උගෙන ගත යුතුය. මෙය මේ දිනවල ජාතිය ආගම විකුණනා කාටත් අදාලය.

අදාල සී නිව්ස් පුවත පහළින්.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහතා ජනාධිපති වූ පසු අපට හැමදාම අවුරුදු වගේ යයි කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

ජනාධිපතිවරයාගේද සහභාගීත්වයෙන් කිලිනොච්චියේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙසේද කියා සිටියේය.

‘අපිට පසුගිය කාලයේ බයක් තිබුණා. දුරකථනයකින් කතා කරන්නත් බයයි. මම සමහර ඇමතිවරුන්ට කතා කරන කොට දුරකථනයෙන් කතා කරන්න එපා ඇවිල්ලා හම්බවෙලා කතාකරන්නකෝ, කියලා කියපු කාලයකුත් මට මතකයි. නමුත් ඔබතුමා ජනාධිපති වෙච්ච දවසේ ඉදන් අපිට අවුරුදු වගේ. ලංකාවේ ජීවත් වුණාට බෞද්ධ, කතෝලික, හින්දු ඉස්ලාම් වගේ අනිකුත් සියලූමදෙනා ඔබතුමා ජනාධිපති වුණාට පස්සේ සතුටින් සමගියෙන් ජීවත් වෙනවා. ඒ නිසා තවත් වතාවක් ඔබතුමා අපේ රටේ ජනාධිපති වෙන්න ඕන කියල අපි බලන් ඉන්නවා. ඒ වගේම අනාගතයේත් ඔබතුමා වගේ ජනාධිපතිවරයෙක් පත් වෙන්න ඕන කියලයි අපි හිතන්නේ’

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us