මහින්ද හිටියේ කුඩු කාරයන්ගේ කරේ අත දාගෙන

Published in පුවත්
Friday, 31 July 2015 13:36

මහින්ද රාජපක්ෂ කුඩු කාරයන් සමග කරට අත දමාගෙන කටයුතු කළ නිසා අදත් සන්ධාන ලැයිස්තුවට කුඩු කාරයන් ඇතුළත්ව ඇති බව ඔහු ජෝසෆ් මයිකල් පෙරේරා මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද (31)පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

මහින්ද රාජපක්ෂ විසින් ඉලක්ක කරනු ලැබුවේ ඔහුගේ පවුල පමණක් බවත් එජාපය විසින් මේ රටේ සියලුම පවුලක්ම භාර ගන්නා බව ‍පැවසුවේය.

මහින්ද බැලුවේ ඔහුග් පවුල සහ දරුවන්ට පමණක් වූවද එජාපය සෑම පවුලක් ගැනම බලන බවත් සෑම පවුලක්ම ඉලක්ක කර පවුලේ ආර්ථික සමාජයීය හා සෞඛ්‍යය යන අංශ නගා සිටුවීමට කටයුතු කරන බව පැවසුවේය.

මේ වන විට එක්සත් ජාතික පෙරමුණට හැප්පෙන්නට වී ඇත්තේ මහින්ද සමග බවත් එතැන පක්ෂයක් කියා දෙයක් නොමැති බවද පැවසීය.

බලයේ සිටියදී රාජ්‍ය සේවකයන් ගැන කිසිම තැකීමක් සිදු නොකර දැන් රාජ්‍ය සේවකයන් ගැන කතා කරන බවත් දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී අපේක්ෂකයෙක්ව හිදිමින් අවුරුදු 10 ක් පුරා නොකළ දේ සදහා පොරොන්දු ලබා දෙමින් සිටින බවත් කීවේය.

අවුරුදු 10 ක් තිස්සේ දර්ශනයක් නොතිබූ පුද්ගලයෙක් ගෙන් කුමක් බලාපොරොත්තු වන්නද යනුවෙන් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

එජාපය ප්‍රමුඛ ආණ්ඩුවක් යටතේ පුද්ලික අංශයේ සේවකයන්ටද විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමට පැහැදිලි තීරණයක් ගෙන ඇති බවත් වසර 10 ක් සේවයකර ඇති සේවකයන්ට තම EPF මුදලින් 30% ක් ලබාගෙන අවශ්‍ය ආයෝජනයන් සදහා එය යොදවා ගත හැකි බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us