විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුප අගෝස්තු 10 දා සිට..

Published in පුවත්
Friday, 31 July 2015 10:36

විෂමතා ඉවත් කිරීමෙන් පසු විශ්‍රාමිකයන්ට එම මුදල් ලබා ගැනීමට තිබූ ගැටලු වහා ම ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ(30) විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

අදාළ මුදල් ලබා ගැනීම සඳහා විශ්‍රාමිකයාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණිය යුතුය, හැඳුනුම්පත් ලබා දිය යුතු ය යන කොන්දේසි සියල්ල ඒ අනුව අහෝසි වී යනු ඇත.

මේ සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා අද අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී මෙම කරුණු අනාවරණ කළේය.

ඒ අනුව ලබන මස 10 වැනිදා සිට සාමාන්‍ය පරිදි විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුප ද ලබා ගැනීමේ හැකියාව බවයි අමාත්‍යවරයා පැවසුවේය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. එස් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් ද එක් ව සිටියේය.

2006 වසරට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප ද 6/2006 වැටුප් ව්‍යුහයට සමගමීව සංශෝධනය කිරීමට පසුගිය දා තීරණය කෙරුණි. ඒ අනුව විශ්‍රාමිකයන් 330,000කගේ වැටුප් විෂමතා ඉවත් වනු ඇත. මේ යටතේ විශ්‍රාමිකයන්ට රුපියල් 3,000 සිට 10,000 දක්වා මුදලක් ලැබීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us