මහින්ද, වරද නිවැරදි කරමුද ?

Published in පුවත්
Friday, 31 July 2015 11:32

එක්සත් ජාතික පක්ෂ රජය පසුගිය මාස 6ක් තුල සන්ධාන රජය එතෙක් ක්‍රියාත්මක කල සංවර්ධන ව්‍යාපෘති පනස් අට දහසක් නවතා දමා ලක්ෂ 15ක් රැකියා අහිමි කල බවත්, ලබන 18 දා ලබන්නා වූ ජනතා ජයග්‍රහණයෙන් සතියක් තුල සියලු සංවර්ධන ව්‍යාපෘති නැවත අරඹා රටට සිදුවූ වරද නිවැරදි කිරීමට තමා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය කැපවී කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතා පැවැසීය.

( මහින්ද රාජපක්ෂ මහතාගේ ගණන් මිනුම් නිවැරදි නම් ලක්ෂ 15ක් රැකියා අහිමි වූවන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් ඇතුළුව රටේ සැලකියයුතු පිරිසක් බරපතළ ආර්ථික අපහසුතාවන්ගෙන් පීඩිතව සිටිය යුතු අතර, එවන් තත්වයක් රට තුළ කැරලිකාරී මට්ටමක් දක්වා වර්ධනය විය හැකිව තිබිය යුතුය.

එසේ වී නම් තම රැස්වීම් සඳහා මෙසේ බස් රථ යොදවා සෙනඟ කැඳවා ගැනීමට ඔහුට සිදු නොවනු ඇති අතර අති විශාල ජනකායක් මෙම රජයට එරෙහිව ස්වේච්ඡාවෙන් වීදි බැසිය යුතුය. ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැතිව ආරම්භ කෙරුණු ව්‍යාපෘති යම් ප්‍රමාණයක් නැවතී ඇති බව සැබෑය.

නමුත් ඒ මහින්ද රාජපක්ෂ මහතාට විමල් වීරවංශ හෝ ඒ පන්නයේ ගණිතඥයෙකු විසින් ලියා දුන් ප්‍රමාණයක් නම් නොවන බව පෙනෙන්නේ රටේ එතරම් ම විරැකියාවක් පිළිබඳ සලකුණු නොමැති නිසාය. එමෙන් ම දැනට මුදල් නොමැති ව්‍යාපෘති සඳහා (ඔහුට අනුව 58,000ක්) සතියක් තුළ මුදල් ගෙනෙන්නේ මැදමුලනේ බූදලයෙන්දැයි ඔහු පැහැදිලි කළ යුතුය.

රටට සිදු වූ යම් වරදක් නිවැරදි කිරීමේ අවංක වුවමනාවක් තිබේ නම් මහින්ද රාජපක්ෂ මහතාට කිරීමට ඇති හොඳම දෙය තම පක්ෂයත් ආණ්ඩුවත් දෙකම ඒ ඒ ඒවා කරගෙන යා හැකි උදවියට නිදහසේ කරගෙන යාමට භාරදී මැද මුලනට වී සංචාරය සඳහා එන කෙනෙක් හා සෙල්ෆියක් ගසා ගෙන පාඩුවේ හිඳීමය.)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us