එකී සී සී ටී වී කැමරා පද්ධතිය මෙහෙයවීම් කෙරෙන්නේ පිටකොටුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ගොඩ නැඟිල්ලේ සිට වන අතර අදාල මළසිරුර හමුවූ බස්නැවතුම් පොළට එහි සිට ඇත්තේ මීටර් 500ක් පමණ දුරකි.
පිටකොටුව ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව සලකා බැලීමේදී දිනකට දහස් ගණනින් ජනතාව යනෙන බස්නැවතුම්පොළ එහි මර්මස්ථානයක් ලෙස සැලකිය හැකිය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ සේ පාරම් බෑ පසුගිය පාලනය යටතේ පොලීසියට මෙම බස් නැවතුම් පොළවල් දෙක කැමරා පද්ධතියට ඇතුළු කර ගැනීමට තරම් වැදගත් නොවීම විමතියට කරුණකි.