පල්ලි යෑම අතෑරලා කාලයක්.. ඒත් මොන එකක්ද මන්දා පහුවුනු ඉරිදාවක පල්ලි යන්න හිතුණා වෙනසකටත් එක්ක.. පූජාව තිබ්බෙ පුංචි ස්වාමි... පුංචි ස්වාමිගෙ දේශනාව මුළුමනින්ම දේශපාලනිකයි. ඒ වගේම එය බයිබලයේ විමුක්ති දැක්මත් එක්ක අත්‍යන්තයෙන්ම සමපාතයි. මට පුදුමත් හිතුණා මෑත කාලයේ පල්ලියක, අල්තාරයක ස්වාමි කෙනෙක්ගෙ එහෙම දේශනයක් මං ඇහුවමයි......

පසුගිය කාල සීමාව තුළ රටේ දේශපාලනය නම් වාහනය පැදවීමේ සුක්කානම වටා වාඩි වීමට අවස්ථාව ලැබුනේ දූෂිතයන්ට සහ පාතාලකාරයින්ට බව හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්න මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයන් එක්ව අද (03)පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

අපේ රට සාමාන්‍යයෙන් උෂ්ණාධික රටක්. මේ උෂ්ණය මගහරවා ගැනීම සඳහා බොහෝ දෙනෙක් කොමඩු වැනි වතුර වැඩි පලතුරු කන්න පුරුදු වී සිටිනවා.

මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවනීය ලෙස දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සඳහා අවස්ථාවක් දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කළ ඉල්ලීම මාධ්‍යට අනාවරණය වීම නිසා රාජපක්ෂ පවුලම කර කියා ගත නොහැකි ගැටලුවකට මුහුණ පාසිටී.

දෙමළ ජාතික සන්ධානය සිය නොහැකියාව වසා ගැනීම සඳහා ජාතිවාදය අවුස්සා ඡන්ද ගැනීමට සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

හොං කොං නුවරට රැස්වූ දහස් ගණන් ජනතාව කාන්තා යට ඇඳුම්  හැඳ  පියයුරු ආයුධයක් නොවන බව පවසමින් විරෝධතාවයක නිරත වී තිබේ.

මැතිවරණයෙන් අනතුරුව ගෞරවනීය ලෙස දේශපාලනයෙන් සමු ගැනීමට අවස්ථාව සලසා දෙන මෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනපතිවරයාගේ ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා පැවසුවේය.

කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි තවත් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

නිරාෂ ගුණසේකරගේ නවතම කාව්‍ය සංග්‍රහය වන 'සුදු කතක් හා මධුවිතක්' පිළිබද සංවාදශීලී කතාබහක් අගෝසුතු 28 වනදා සවස 3.30 ට ජාතික පුස්කතාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැත්වේ.
ඒ පිළිබද දේශන පවත්වනු ලබන්නේ දීප්ති කුමාර ගුණරත්න සහ හෂිත අබේවර්ධන විසින්ය.

පසුගිය කාලයේ පාතාලයට විරුද්ධව හඬ නැගූ සිවිල් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන වර්ථමානයේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ පැවැති උත්සහවයකට සහභාගී වෙමින් පවසා ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් වරයා සඳහන් කළේ වර්ථමානයේ මෙරට තුළ ජාතික ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවන බවයි. එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ වර්ථමාන ආණ්ඩුවේ සෑම ප්‍රචාරයන්ම බොරු ප්‍රචාරයන් බවට ඔප්පු වී ඇති බවකි.

Connet With Us