මාතලේ දේශපාලන පක්ෂ ආධාරකරුවෙකුට පරහරදීම සඳහා අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණී. ඒ අනුව අදාළ මන්ත්රීවරයා අද උදෑසන මාතලේ පොලසිය වෙත පැමිණ ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා අද මාතලේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
පසුගිය දා මාතලේ නගරයේදී දේශාපලන පක්ෂ ආධාරකරුවෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හදුනාගැනිමේ පෙරට්ටුව සඳහා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
adaderana