කොළඹ - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයට මුල්ගල තැබීම අද

Published in පුවත්
Monday, 03 August 2015 08:40

කොළොම්පුර සිට ඓතිහාසික සෙංකඩගල ‍රාජධානියට පැයකින් ළඟාවිය හැකිසේ තැනෙන “කොළඹ - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයට” මුල්ගල තැබීම අද (03) උදේ 9.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩවත දී සිදුකැරේ. කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක කොටස ඉදිකිරීමට අද මුල්ගල තැබේ.

මංතීරු හයකින් යුතු අධිවේගී මාර්ගයක් ලෙස ඉදිකිරීමට සැලැසුම් කොට ඇති මේ මාර්ගය පළමුව මංතීරු හතරක් ලෙස තැනෙන බව මහාමාර්ග, ආයෝජන ප්‍රවර්ධන, උසස් අධ්‍යාපන ඇමැති කබීර් හෂීම් මහතා ‘දිනමිණ’ට ප්‍රකාශ කළේය.

මධ්‍යම අධිවේගී මාර්ගය කඩවත සිට මීරිගම දක්වා පළමු අදියර යටතේ ඉදිකැරේ. එහි දුර කිලෝමීටර් 37කි. කඩවත, මීරිගම, පොතුහැර, කුරුණෑගල හරහා දඹුල්ල දක්වාත්, කඩවත, මීරිගම, පොතුහැර, රඹුක්කන, ගලගෙදර හරහා මහනුවර දක්වාත් මේ අධිවේගී මාර්ගය තැනේ.

මධ්‍යම අධිවේගී මාර්ග තැනීම සමඟ මහනුවරට විනාඩි 50ක් පැය එකහමාරක් ඇතුළත දඹුල්ලට යා හැකි සේ නිර්මාණය කරන බව ඇමැති කබීර් හෂීම් මහතා කීය.

dinamina

Last modified on Monday, 03 August 2015 08:46

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us