ප්‍රේමකීර්තිගේ නම විකුණන්න එපා ! - නිර්මලා ද අල්විස්

Published in පුවත්
Sunday, 02 August 2015 20:38

හෝමාගම කටුවන ප්‍රදේශයේ මාර්ග දෙකක් සිය සැමියා වන මියගිය කලාකරු ප්‍රේමකීර්ති ද අල්විස් මහතා නමින් නම් කිරීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වන නිර්මලා ද අල්විස් මහත්මිය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

හෝමාගම ප්‍රාදේශීය සභාව සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇත. 

හෝමාගම කටුවන ප්‍රදේශයේ පිහිටි මාර්ග දෙකක් ප්‍රේමකීර්ති ද අල්විස් පාර සහ ප්‍රේමකීර්ති පෙදෙස නමින් නම් කිරීමට හෝමාගම ප්‍රදේශීය සභාව සූදානම් වන බව රූපවාහිනී වැඩසටහනකදී සිය පුත්‍රයා දැනගත් බවත් ඒ ගැන කිසිදු දැනුම් දීමක් තමාට හෝ පවුලේ කිසිවෙකුට කර නැති බවත් පවසන ඒ මහත්මිය, මේ හේතුවෙන් තමන්ට විශාල මානසීක පීඩාවක් ඇති වන බවද ප්‍රකාශ කර තිබේ.


1989 ජුලි 31 වැනිදා ඝාතනය කෙරුණු තම සැමියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් වසර 26ක් තිස්සේ නොකෙරුණු බවත්,එසේ තිබියදී මෙලෙස මියගිය සැමියගේ නම භාවිතා කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කරන නිසා තමාට හා තම පවුලේ සාමාජිකයින්ට විශාල මානසික පීඩාවක් හා හානියක් ඇතිවන හෙයින් ප්‍රේමකීර්ති ද අල්විස් නමින් මාර්ග නම් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද ඇය අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us