තාජුඩීන්ගේ සොහොනට පොලිස් ආරක්ෂාව

Published in පුවත්
Sunday, 02 August 2015 18:01

හිටපු රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ දේහය භූමිදාන කළ දෙහිවල පිහිටි සුසාන භූමියට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ. දෙහිවල කළුබෝවිල පල්ලිය පාරේ අදාළ සුසාන භූමිය පිහිටා ඇති බව පොලිසිය සඳහන් කළේය. 2012 වසරේ මැයි මස නාරාහේන්පිට උද්‍යාන පාරේදී ගිනිගත් මෝටර් රථය තුළ තිබී ඔහුගේ මළ සිරුර හමුවුණි.

අදාළ මරණය හදිසි අනතුරකින් සිදු වූවක් නොවන බව පොලිසිය මීට දින කිහිපයකට පෙර අධිකරණයට දැනුම් දුන්නේය. පරීක්ෂණ කටයුතු සඳහා මිනිය ගොඩ ගැනීමේ අවශ්‍යතාවයක් පිළිබඳව ද පුවත් වාර්තා වී තිබිණි.

මෙකී ඝාතනය පසුපස ප්‍රබල දේශපාලන සම්බන්ධයක් සහ මෙතෙක් මෙම ඝාතනය වසන් කිරීම පසුපස ද එවන්ම ප්‍රබල නිලධාරී සම්බන්ධයක් පිළිබඳව රට සෑම තැනම පාහේ කියවෙන බැවින් අදාල සුසාන භූමියට පොලිස් ආරක්ෂාව යෙදවීම වැදගත් වනු ඇත. මන්දයත් පණපිටින් සිටි මිනිසුන් දුහුවිල්ලක් හෝ සොයාගත නොහැකි ලෙස අතුරුදන් කෙරුණු ආසන්න අතීතයක් අපට ඇති බැවින් මළ මිනියක් අතුරුදන් කිරීම මහා අරුමයක් නොවීමට ඉඩ ඇති නිසා ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us