2002 සිට යුද්ධාවසානය වන තෙක්ම මුලින් ජවිපෙ දේශපාලන බලමණ්ඩල සභිකයකු ලෙසත්, පසුව මව්බිමේ පංචායුධය ලෙසත් යුද්ධය වෙනුවෙන් පාගමන් උද්ඝෝෂන ව්‍යාපාර රැළි රැස්වීම් ආදී වශයෙන් බරපතළ මැදිහත් වීමක් කළ වීරවංශ යුද්ධයෙන් පසුවද මාරාන්තික උපවාස, ගරා යකා නැටුම් වැනි විගඩම්ද සමඟින් එකී යුධමය ක්‍රියාදාමය වෙනුවෙන් පෙනී සිටියේය. එකී ක්‍රමවේදයට අනුව යහපාලනයෙන් රට බෙදීමේ සැබෑ අනතුරක් ඇත්නම් වීරවංශ කල යුත්තේ පොත් ලිය ලියා සිටීම නොව සුපුරුදු පරිදි මහා පරිමාණයෙන් වීදි බැසීමය. වෙනත් කරදර බාධකද දසදහසක් තිබියදී ඉතිරි වේලාවද පොතක් ලිවීමට පමණක් වැය කිරීමෙන් පෙනෙන්නේ විමල් ම කියන තරම් රට බෙදීමේ අනතුර ලොකුවට නැති බවය.
විමල් වීරවංශගේ ෆේස්බුක් පිටුවෙහි දක්වා තිබුණු මෙම උත්සවයෙහි ඡායාරූප ඉතා සිත්ගන්නා සුළු ඒවා විය. පොත ලියා තිබුණේ උප්පැන්න සහතික සහ හැඳුනුම්පත් යන රාජ්‍ය ලේඛන ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනාව ලබා සිටින විමල් වීරවංශය. පොත පිළිගන්වා තිබුණේ දිවා රෑ මොරදෙන විදුලි පුටුවට අදාල චෝදනා පසෙක තිබියදී වුව මිග් වංචාව ඇතුළු අවිගනුදෙනු සහ පුද්ගල ඝාතන, අතුරුදන් කිරීම් රැසක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ය.
ඔහුගේ පසෙකින් අත්පොළසන් දෙමින් සිටියේ තමා අගවිනිසුරුව සිටියදී සුනාමි මුදල් වංචාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂව වරදකරු කොට සිපිරිගෙට නියැවීමේ වරදට ජාතියෙන් සමාව ඉල්ලා සිටි සරත් එන් සිල්වා ය. වෙනත් අයට නොදැනෙන රට බෙදීමේ අනතුරක් ළඟ ළඟ වැඩියෙන් ම දැනෙන්නේ මේ උදවියට ය. ඒ රටබෙදනා අනතුරක් පෙන්වා ජනතාව බියගන්වා තමන් වෙත ආපසු බලය ලබා ගැනිමටය. බලය ලබාගෙන තමන්ගේ සුපුරුදු වංචාකාරී, දූෂිත, භීෂක ජීවිත ගත කිරීමට ය. දෙමළ ඩයස්පෝරාව හෝ එල් ටීටී ඊ සාමාජිකයින් ම වන්නන්ටත් වඩා එල් ටීටී ඊයේ යළි නැඟිටීමක් තදින්ම අවශ්‍යව ඇත්තේ මේ ප්‍රාණකාරයින්ට ය.
සැබැවින්ම යමක් බෙදීමට අවශ්‍ය නම් ඒ, නුදුරු අනාගතයේම මොවුන් දැනට සිටිනා සමාජය සහ නිසි පරිදි සිටිය යුතු ස්ථානය අතර පරතරය බන්ධනාගාර තාප්පයකින් බෙදා වෙන් කිරීමය.