තැපැල් ඡන්දය ඇරඹේ

Published in පුවත්
Monday, 03 August 2015 09:49

මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසිම අද (03) ආරම්භ වේ. ලබන 5 සහ 6 යන දිනවලද මෙම තැපැල් ඡන්ද විමසීම සිදු කිරිමටද නියමිතය. මෙවර මහමැතිවරණය සදහා තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට පන් ලක්‍ෂ හැට හයදහස් අටසිය විසිතුන් දෙනෙක් සුදුසුකම් ලබා ඇත.

අද දිනයේ කලාප අධ්‍යාපන කාර්යාල, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ ජාතික පාසල් හි දි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ රජයේ පාසල් ගුරුවරුන් විසින් ද පොලිස් ස්ථාන වලදී පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ද තැපැල් ඡ්න්දය සලකුණු කිරීමට නියමිතය. එමෙන්ම ලබන 5 සහ 6 යන දිනයන් හි සෙසු හමුදා ඇතුළු සෙසු රාජ්‍ය ආයතන වල සේවකයින් තැපැල් ඡන්ද සලකුණු කරනු ඇත.

තැපැල් ඡන්ද සලකුණු කරනා ස්ථාන සාමාන්‍ය ඡන්ද පොළක ස්වරූපයක් ගන්නා බැවින් එම ස්ථානයන් හිදී ඡ්න්ද ආයාචනා කිරීම හෝ ප්‍රචාරක කටයුතු කිරීම තහනම් බවත් අදාල තැපැල් ඡන්ද සලකුණු ස්ථානයට පක්ෂයක් විසින් නම්කරන ලද අපේක්ෂකයින්ට සහ නියෝජිතයින්ට හැර වෙනත් කිසිම අපේක්ෂකයකුට හෝ ස්වාධීන කණ්ඩායමකට ඇතුළු වීම තහනම් බවත් නිවේදනය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us