එන් ජී ඕ සද්ද නැහැලු - ගෝඨා

Published in පුවත්
Monday, 03 August 2015 09:55

පසුගිය කාලයේ පාතාලයට විරුද්ධව හඬ නැගූ සිවිල් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන වර්ථමානයේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ පැවැති උත්සහවයකට සහභාගී වෙමින් පවසා ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් වරයා සඳහන් කළේ වර්ථමානයේ මෙරට තුළ ජාතික ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවන බවයි. එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ වර්ථමාන ආණ්ඩුවේ සෑම ප්‍රචාරයන්ම බොරු ප්‍රචාරයන් බවට ඔප්පු වී ඇති බවකි.

පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ මීට අමතරව රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන බොහෝ සිද්ධීන් අරභයා මානව හිමිකම් මූලික කරගත් විරෝධතාවයන් දැක් වූ නමුත් ඒ හැමවිටම රාජපක්ෂ ඇණියෙහි ප්‍රතිචාරය වූයේ ඒවා ඩොලර් වෙනුවෙන් කෙරෙන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ බවයි. බලයෙන් ඇද වැටුණු පසු එකී සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන වල නිහැඬියාවක් ගැන සංවේදී වීම එක් අතකින් හාස්‍යජනකය. මන්දයත්, ගෝඨාභයලාට එකල තිබූ දැඩිම වුවමනාවක් වූයේ මෙකී සංවිධාන නිහඬ කිරීම ම වන නිසා ය.

ජාතික ආරක්ෂාවට බලපාන එක් සිද්ධියක් මෙතැන දී ද තහවුරු වෙමින් තිබුණි. එනම් ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ ප්‍රබලයකුගේ හිතවතෙකු ප්‍රසිද්ධ වේදිකාවක සිට රටේ ජාතික ආරක්ෂාව දුර්වල බව ප්‍රකාශ කිරීමයි. ආරක්ෂාවක තරම හා ඉන් රිංගා යාම හොඳින්ම දන්නේ ජාවාරම් කරුවන් බැවින් මේ ඔවුන් හරහා ලැබුණු තොරතුරක් නම් ඒ පිළිබඳව අවධානය යොමුවිය යුතුව ඇත.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us