දේශපාලන සුක්කානම වටේ හිටියේ දූෂිතයොයි,පාතාලකාරයොයි-මායාදුන්න

Published in පුවත්
Monday, 03 August 2015 12:46

පසුගිය කාල සීමාව තුළ රටේ දේශපාලනය නම් වාහනය පැදවීමේ සුක්කානම වටා වාඩි වීමට අවස්ථාව ලැබුනේ දූෂිතයන්ට සහ පාතාලකාරයින්ට බව හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්න මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයන් එක්ව අද (03)පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

පසුගිය කාල සීමාව තුළ මෙන්ම දවසින් දවස සමාජය අශීලාචාර තත්වයක් දක්වා ගමන් කරන බවත් සාරධර්ම පිරිහෙමින් පවතින වට පිටාවක මෙම තත්වය වළක්වා ගැනීමේ අවශ්‍යතාවයක් මතුව පවතින බවත් කීවේය.

දේශපාලන පක්ෂ ජනතාවට කොතරම් විශාල පොරොන්දු ප්‍රමාණයක් ලබා දුන්නද ඒවා ඉතා ඉක්මණින් කණපිට පෙරළෙන බව ජනතාව දැන් අබෝධ කර ගෙන සිටින අතර පසුගිය කාල සීමාව තුළ රාජ්‍ය මූල්‍ය විශාල ලෙස විනාශයකට ලක්වූ බවත් එයට පළමුවෙන්ම වගකිය යුතු වන්නේ මේ කාරණය ඉදිරියේ අකර්මණ්‍යව නිහඩව නොදුටුවා සේ සිටි පිරිස බවත් පැවසුවේය.නුසුදුස්සන් රැසක් දේශපාලනයට පිවිසියේ ද ඔවුන්ගේ වගකීමක් රහිත බව හේතුවෙනි.

ජාතික ලැයිස්තුවක් වැදගත් වන්නේ කෙසේද යන කාරණය පැහැදිලි කරමින් මායාදුන්නේ මහතා පැවසුවේ රටේ ප්‍රගමනයට අතහිත දෙන,සමාජයට දායකත්වය දෙන,සමාජයට පෙරමුණු බලඅැණියක් විය හැකි අයට දේශපාලනයට පිවිසීමට අවස්ථාවක් ලබා දීමට ජාතික ලැයිස්තුව අවශ්‍ය බවය. නමුත් බොහෝ විට සිදු වන්නේ මේ හරහා තම පාක්ෂිකයන්ටම අවස්ථාව ලබා දීමකි. අනෙක් අතට පරාජිත අපේක්ෂකයන් හා සමාජය පිළිනොගන්නා කාරණා නිසා දේශපාලනයට පිවිසීමට අපහසු පුද්ගලයන් දේශපාලනයට කැන්දා ගෙන ඒමකි.

නමුත් ජවිපෙ ජාතික ලැයිස්තු අරමුණට වටිනාකමක් එක් කිරීමට කටයුතු කර අැති බවත් පාක්ෂිකයන් නොවන අයට පවා අවස්ථාව දීමට තරම් ඔවුන් ගෞරවාන්විතව කටයුතු කර අැති බවත් පැවසුවේය.ඒ යටතේ ජවිපෙ ජාතික ලැයිස්තුව තුළ ඉහළම වෘත්තිකයන්,විද්‍යාඥයන්,අධ්‍යාපනවේදීන්,සමාජ ක්‍රියාකාරීන් ලෙස තමන් අැතුළු පිරිසට අවස්ථාව දී අැති බවත් නිදහස් අධ්‍යාපනයේ අනුහසින් බිහිවූ පුද්ගලයන් ලෙස සමාජ සාධාරණත්වය සදහා මැදිහත්වී ක්‍රියාකිරීමට කටයුතු කරන බවත් පැවසුවේය.

තමන් අැතුළු පිරිසට වැදගත් සමාජ විනයක් හා ස්වයං විනයක් අැති බවත් කිසිම විටක අපිව දේශපාලන වශයෙන් මිලදී ගැනීමට නොහැකි බවත් ස්වාධීනව කටයුතු කරන පිරිසන් ලෙස ස්වාධීන බව යන්නෙන් අදහස් කරන්නේ හොද දේට හොදයි කීමත් නරක දේට නරකයි කීම බවත් පැවසුවේය.නිදහස් අධ්‍යාපනය ලැබීමේන් ලද පන්නරය යටතේ රට වෙනුවෙන් කැපවෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

පසුගිය කාල සීමාව තුළ ජවිපෙ පාර්ලිමේන්තුව තුළ අද්විතීය හඩක් නැගූ බවත් ඒ හඩ ඉතාමත් තීව්ර ලෙස ඉදිරියේදීද නැගෙන බවත් රට වෙනුවෙන් ඉටු කළ යුතු සියල්ල සදහා නොපිරිහෙළා මැදිහත්වෙන බවත් පැවසුවේය.

jvpjl1

jvp-jl

Last modified on Monday, 03 August 2015 14:34

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us