මහින්දට ගෞරවනීය සමුගැනීමක් ඉල්ලූ පුවත ලීක් වුණ හැටි සොයයි

Published in පුවත්
Monday, 03 August 2015 11:47

මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවනීය ලෙස දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සඳහා අවස්ථාවක් දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කළ ඉල්ලීම මාධ්‍යට අනාවරණය වීම නිසා රාජපක්ෂ පවුලම කර කියා ගත නොහැකි ගැටලුවකට මුහුණ පාසිටී.

මෙම තොරතුරු මාධ්‍යට අනාවරණය වූයේ මහින්ද පාර්ශ්වයෙන්ද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද යන්න ගැන සෙවීමට මහින්ද පාර්ශ්වයේ කිහිප දෙනෙකුම යොදවා ඇති බවත් දැන ගැනීමට තිබේ. මේවන විටත් අදාල පුවත පලවූ 'සත්හඬ' පුවත් පතේ ප්‍රධානින් කිහිප දෙනෙකු අමතා ඒ පිළිබඳ කරුණු විමසා ඇත. එමෙන්ම මෙම සාකච්ඡාවට හවුල් වූ ජනාධිපති පාර්ශ්වයේ කිහිප දෙනාගෙන්ම මේ පිළිබඳ විමසා එම තොරතුරු මාධ්‍යයට ලබා දීම ගැන දැඩිව දෝශාරෝපනය කර තිබෙන බවත් දැන ගැනීමට ඇත. එහෙත් එම කිහිපදෙනා ඒ ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ මාධ්‍යට ලබා දෙන්නට ඇත්තේ රාජපක්ෂ පවුලේ ප්‍රධානියකු විසින්ම බව අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ තීරණය තවමත් නොලැබීම නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන ජීවිතය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තිගැස්මකට පත්ව සිටී. විශේෂයෙන් එම පවුලේ සාමාජිකයන් වෙත එල්ල වී තිබෙන චෝදනා විභාගයට ගැනීම සිදුවුවහොත් රාජපක්ෂ පවුලට සිදුවන නින්දා, අපහාස හා දඬුවම් විඳීම අනිවාර්යවනු ඇත. මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවනීය සමුගැනීමක් වෙනුවෙන් කෙටි කලකට අගමැතිධුරය ඉල්ලා සිටියේ එම ගැටලු ගොඩින් බේරා ගැනීම වෙනුවෙනි.

මේවන මෙම ඉල්ලීම බොරුවක් බව ප්‍රසිද්ධියේ කියාපෑමට හෝ නොහැකි තැනට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් පත්ව සිටී. ඊයේ පැවැති උත්සවයකදී මාධ්‍යවල අසත්‍ය ප්‍රකාශ පළවන බව කියා ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ගැන වැඩිදුර කතා නොකිරීමට වග බලා ගත්තේය.

සබැදි පුවත්

මහින්ද ගෞරවාන්විත සමුගැනීමක් ඉල්ලයි. ගෝඨා මෛත්‍රී ඉදිරියේ වැඳ වැටේ

 

Last modified on Monday, 03 August 2015 11:48

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us