මහින්ද ගෞරවාන්විත සමුගැනීමක් ඉල්ලයි. ගෝඨා මෛත්‍රී ඉදිරියේ වැඳ වැටේ Featured

Published in පුවත්
Saturday, 01 August 2015 16:21

කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම මහ මැතිවරණයෙන් පසුව දේශපාලනයෙන් ගෞරවාන්විතව සමුගැනීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් අවස්ථාවක් ඉල්ලා ඇති බව රාජපක්ෂ පවුලේ අරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඉල්ලීම කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

ඔහුගේ ඉල්ලීම වී ඇත්තේ සන්ධානය එක ආසනයක් හෝ වැඩිපුර ගතහොත් නව පාර්ලිමේන්තුවේ අගමැති ධුරය කෙටි කලකට මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන ලෙසත් මාස කිහිපයක් ඇතුළත එම තනතුරෙන් ගෞරවාන්විත ලෙස ඉවත් වීමට අවස්ථාව සලසා දෙන ලෙසත්ය.

ඉන් පසුව රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ‍්‍රාම ගනු ඇති බවත් මේ කාලය තුළ දී ජනාධිපතිවරයාගේ දේශපාලනයට කිසිදු බාධාවක් අනතුරක් නොකරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වී ඇත.

‘ජ්‍යේෂ්ඨ රාෂ්ඨ නායකයා’

එහෙත් එම යෝජනාව ජනාධිපතිවරයා විසින් පිළිගෙන නොමැති නමුත් වෙනත් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාව ‘ජ්‍යේෂ්ඨ රාෂ්ඨ නායකයා’ (Senior State Leader) ලෙස නම් කරනු ඇත.

එය කැබිනට් ඇමැතිවරයකුගේ බලතල හා මූලික ආරක්ෂණයක් : (Preliminary Protection) ලැබෙන තනතුරක් වන අතර රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතුවල දී ඔහුට රාජ්‍ය නායකයා හා සමාන පිළිගැනීමක් ලැබෙනු ඇත.

ලෝකයේ එවැනි රාෂ්ඨ පාලකයන් සිටියේ දෙදෙනකු පමණි. ඒ මලයාසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඞ් හා සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා පමණය.

රාජපක්ෂ පවුලේ හා සමීප හිතවතුන් කිහිප දෙනකුගේ යෝජනාවක් අනුව මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබා දෙන ලෙස කළ මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කෙරුණේ ජනාධිපතිවරයා පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාට කෙලෙසකවත් අගමැති ධුරය ලබා නොදෙන බවට කළ ප‍්‍රකාශය හේතුවෙනි.

එවැනි තත්ත්වයක් තුළ මහින්ද රජපක්ෂ මහතාට ඇමැති ධුරයක් හෝ හිමි නොවීමට ඉඩක් ඇති අතර එවිට පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට සිදුවේ.

එය ඔහුගේ පෞරුෂයට සිදුවන බරපතළ කැළලක් බැවින් හා ලබන සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව ශ‍්‍රී ලංකාවට අහිතකර ලෙස බලපාන බවට දැනටමත් තොරතුරු හෙළිව ඇති නිසා එහි දී මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වන යුද අපරාධ චෝදනාවල විභවතාවය රාජපක්ෂ මහතා අගමැති ධුරය හෙබවීමෙන් අවම කරගත හැකි වීමත් වෙනුවෙන් මේ යෝජනාව ඉදිරිපත් වී තිබේ.

ඒ කෙසේ නමුත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අගමැති ධුරය සම්බන්ධයෙන් රටේ ජනතාව හමුවේ කළ ප‍්‍රකාශයත් මෙම නව යෝජනා දෙකත් අතර දෝලනය වෙමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

මේ නිසා මෙම සතිඅන්තයේ දී යළිත් ජනතාව අමතා යම් ප‍්‍රකාශයක් කිරීමට සූදානමින් සිටි ජනාධිපතිවරයා එම ප‍්‍රකාශය ද කල් දැමීමට කටයුතු කර ඇත.

 

සත්හඬ - ඉරිදා පුවත්පතිනි

Last modified on Saturday, 01 August 2015 16:22

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us