ළමයි මත් කරන කඩ වලට වැට

Published in පුවත්
Sunday, 02 August 2015 09:29

පාසල් අසළ පවත්වාගෙන යන බොහෝ වෙළඳසැල්වලින් පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලැබුණ තොරතුරු මත දිවයිනේ සියළුම පාසල් අසළ පවත්වාගෙන යන පෙට්ටි කඩ සහ සිල්ලර කඩ විශේෂ පරික්ෂාවකට ලක් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තිරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම පරික්ෂා කිරිම් සිදු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මීට අදාල විශේෂ චක්‍ර ලේකයක් ඊයේ දිනයේදී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා විසින් නිකුත් කර ඇත.

ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට දිස්ත්‍රික් ආහාර පරික්ෂක හා මහජන සෞඛ්‍ය පරික්ෂකරු ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම්වලට වැටලීම් සඳහා බලය ලබාදී ඇත. මෙම පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිලධාරින්ගේ සහය ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබා දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us