පියයුරු ආයුධයක් නොවේ, හොං කොං විරෝධතා

Published in විදෙස්
Monday, 03 August 2015 10:59

හොං කොං නුවරට රැස්වූ දහස් ගණන් ජනතාව කාන්තා යට ඇඳුම්  හැඳ  පියයුරු ආයුධයක් නොවන බව පවසමින් විරෝධතාවයක නිරත වී තිබේ.

ඊයේ(02) පවැති විරෝධතාවයට හේතුව වී තිබෙන්නේ මීට පෙර  පැවති විරෝධතාවයක් අතරතුර කාන්තාවකගේ පියයුරු ස්පර්ශ කළ බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමයි.

පසුගිය මාර්තු මාසයේ පැවති විරෝධත්වයකදී  Ng Lai-ying නම් කාන්තාව ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙක් තමන්ගේ පියයුරු ස්පර්ශ කළ බවට චෝදනා කර තිබේ. නමුත් හොංකොං අධිකරණය තීන්දුවක් ලබාදෙමින් ප්‍රකාශ කරනු ලැබුවේ එම කාන්තාව සිතා මතාම පියයුරු යොදාගෙන පොලිස් පරීක්ෂකවරයාට අඩත්තේට්ටම් කර ඇති බවයි.

මෙම චෝදනාවට වරදකරු වූ අදාල කාන්තාවට  මාස 3ක් සහ දින 15ක සිර දඬුවමක් නියම වී තිබේ.

මෙම අසාධාරණ තීන්දුවට විරෝධය පළ කරමින් හොං කොං පොලිස් මුලස්ථානය ඉදිරිපිටට රැස්වූ විරෝධතා කරුවන් ප්‍රකාශ කරනු ලැබුවේ පියයුරු ආයුධයක් නොවන බවයි. එසේම මෙහිදී ගැහැණු මෙන්ම පිරිමිද කාන්තා යට ඇඳුම් වලින් සැරසී විරෝධතාවයට එක්ව සිටීම විශේෂත්වයකි.

Ng Lai-ying මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ චීන බලාධිකාරයට විරුද්ධ මහජන පෙළපාලියකට එක්ව සිට ඇත. අධිකරණ  තීන්දුව ලබාදෙමින් හොං කොං අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ මෙම කාන්තාව අදාළ පොලිස් නිලධාරියාගේ කීර්ති නාමය කෙලෙසීමට උත්සහ ගෙන ඇති බවයි. එසේම ඒ සඳහා ඇගේ කාන්තා ශරීරය යොදාගෙන ඇති බවට Ng Lai-ying ට චෝදනා එල්ල වී තිබේ.

කෙසේවෙතත් ඊයේ දින විරෝධතාවයට එක්වූවන් ප්‍රකාශ කරනු ලැබුවේ මෙම අධිකරණ තීන්දුව විහිළුවක් බවයි.

විරෝධත්වයට එක්වූ Ng Cheuk-ling නම් කාන්තාව මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම තීන්දුව හේතුවෙන් කාන්තාවන් මහජන විරෝධතාවන්ට එක්  වීමේ යම් පසුබෑමක් දක්වනු ඇති බවයි. එසේම කාන්තාවන් සහභාගීවන විරෝධතාවයක් පාලනය කිරීමේදී පොලිසිය හැසිරිය යුතු ආකාරය  පිළිබඳ නැවත සලකා බැලිය යුතු බව ඇය ප්‍රකාශ කරයි.

hongkongbreast

hongkong2breast

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us