ගාසා භාරගැනීම පිළිබඳ අමෙරිකා යෝජනාව ඊජිප්තුව ප්‍රතික්ෂේප කරයි !

Published in විදෙස්
Friday, 10 November 2023 10:46

වත්මන් පලස්තීන ඊශ්‍රායල ගැටුම අවසන් වීමෙන් පසු පලස්තීන ජාතික අධිකාරිය එම ප්‍ර‍දේශය භාර ගැනීමට පෙර, ඊජිප්තුව විසින් ගාසා තීරයේ ආරක්ෂාව භාර ගත යුතු බවට ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය ඉදිරිපත් කළ යෝජනාව ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඊශ්‍රායල ටයිම්ස් පුවත්පත ඊයේ(9) පළ කර ඇත.

හමාස් සංවිධානයට එරෙහි මෙහෙයුම්වල දී ඊජිප්තුව කාර්යභාරයක් ඉටු නොකරන බවත්, එම සංවිධානය මෑත වසරවල ඊජිප්තුව සමග සහ ගාසා තීරයේ දේශසීමා මායිම්වල සාමය පවත්වාගෙන ඇති බවත් ඊජිප්තු ජනාධිපතිවරයා 7 වැනිදා ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ ප්‍රධානි William Joseph Burns සමග සාකච්ඡාවක දී පැවසූ බව The Wall Street Journal පුවත්පත ඊජිප්තු උසස් නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සදහන් කර ඇත.

කෙසේවෙතත් ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර උතුරු ගාසා තීරයේ සිවිල් ජනතාවට ඉවත්වී යාම සඳහා දෛනිකව පැය 4ක ප්‍රහාර නැවැත්වීමේ ක්‍රියාමාර්ගයකට ඊශ්‍රායලය එළඹෙනු ඇති බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සමග සති කිහිපයක් පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණයට එළඹි බවය.
ඊයේ දිනයේ සිට ගාසා තීරයේ වැසියන්ට ඉවත්ව යාම සඳහා මානුෂිය කොරිඩෝ 02ක් හඳුන්වාදීමට ද නියමිතව තිබු බව ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.

සිය සාමාජිකයින් 99 දෙනෙකු ගාසා තීරයේදී ඝාතනයට ලක්වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසන්නේ ගාසා තීරයේ පවතින තත්ත්වය අතිශයින්ම දරුණු බවය.

 

-P.M

Last modified on Friday, 10 November 2023 10:47

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us