News Items (18842)
Concept: Gayani Batz
Dress design By : Gayani Batz
Makeup & Hair : Gayani Batz
Photography : Gayani Batz Media Crew Chamara Jayawardana / MI Perera / Ashen Ravindu
Model (Actress) : Shanudrie Priyasad
ප්‍රේමකීර්තිගේ නම විකුණන්න එපා ! - නිර්මලා ද අල්විස්
හෝමාගම කටුවන ප්‍රදේශයේ මාර්ග දෙකක් සිය සැමියා වන මියගිය කලාකරු ප්‍රේමකීර්ති ද අල්විස් මහතා නමින් නම් කිරීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වන නිර්මලා ද අල්විස් මහත්මිය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
ඉතිහාසයේ අතිශය සාමකාමී හා නිහඬ මැතිවරණයක් ලෙස මෙවර මහ මැතිවරණය හැඳින්විය හැකි වූවද මේවන විට මැතිවරණයේ උණුසුම දැඩිවන්නට පටන් ගෙන තිබේ. පෝස්ටර්, කටවුට් ආසන කාර්යාල හා රැස්වීම් ආදියෙහි කැපි පෙනෙන අඩුවක් දිවයින පුරාම දකින්නට නොලැබෙන තත්වයක් තුල මේවර ඡන්ද දායකයට තරම්ක් නිදහසේ වරක් දෙවරක් කල්පනා කර තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වී තිබේ.
හිටපු රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ දේහය භූමිදාන කළ දෙහිවල පිහිටි සුසාන භූමියට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ. දෙහිවල කළුබෝවිල පල්ලිය පාරේ අදාළ සුසාන භූමිය පිහිටා ඇති බව පොලිසිය සඳහන් කළේය. 2012 වසරේ මැයි මස නාරාහේන්පිට උද්‍යාන පාරේදී ගිනිගත් මෝටර් රථය තුළ තිබී ඔහුගේ මළ සිරුර හමුවුණි.
ජනවාරි 08 වැනිදායින් පසුව, එතෙක් රට හැර ගොස් සිටි පාතාල කල්ලි නායකයන් 08 දෙනකු යළි මෙරටට ගෙන්වා ගැනීමට වත්මන් යහපාලන ආණ්ඩුව කටයුතු කර ඇති බවත් ‘ග‍්‍රෑන්ඞ්පාස් සිදු වීම’ ඉහත කී පාතාල කල්ලි එකිනෙකා මරා ගන්නා විට සිදු වූ දෙයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා ඇත.
පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කටයුතු සඳහා රජයේ බස්රථ භාවිතා කිරීම වෙනුවෙන් අය විය යුතු රුපියල් ලක්ෂ 1925ක මුදලක් මෙතක් නොගෙවා පැහැර හැර ඇති හෙයින් එය අය කර ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ , සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීව සිටි ගාමිණී සේදර සෙනරත් හා හිටපු ජනපතිවරයාගේ මැතිවරණ කමිටු සභාපති අමල් සේනාධිලංකාර මහත්වරුන් වග උත්තරකරුවන් කරමින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරන බවට ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මොණරාගල මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් අපේක්ෂාවෙන් සිටින අතුරලියේ රතන හිමි මැතිවරණයට සතියක් පමණ තිබියදී යළි සන්ධානය හා එක්වීමේ සූදානමක සිටින බව වාර්තාවේ.
කුරුණෑගල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් ප්‍රචාරක රැළියට භික්ෂූන් වහන්සේ 3000 ගෙන්වා අමුතු සංදර්ශනයක් පැවැත්වීම සඳහා සූදානම් වන බව වාර්තාවේ
මෙරට ඉන්ධන මිළ ඉදිරි මාස තුන තුලදී යළි අඩු කළහැකි වනු ඇතැයි විදුලි හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී එම් එස් බටගොඩ මහතා පවසයි.
අලුත්ම රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව. එජාප 102,සන්ධාන 91, ජවිපෙ 14, ටීඑන්ඒ 16
මහ මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් මෙම සතියේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇති සමීක්ෂණ වාර්තාවට අනුව එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා සන්ධානය අතර දිස්ත්‍රීක් මට්ටමින් තියුණු තරඟයක් පවතින අතර, එජාපය ආසන මට්ටමින් තරමක් ඉදිරියෙන් සිටී.
