කුරුණෑගල මාළිගාපිටියේ ලබන 14 වන දින පැවැත්වෙන මෙම රැළිය වෙනුවෙන් භික්ෂූන්ගේ දැවැන්ත පාගමනක්ද සූදානම් කර තිබේ. මෙය ජයපිරිත් සජ්ජායනයක් වෙනුවෙන් කරන බෞද්ධ පිංකමකට සංඝරත්නය වැඩමකිරීමක් ලෙස හුවා දක්වා මැතිවරණ නිතියෙන් ගැලවීමටද සැලසුම් කර තිබේ.
කෙසේ නමුත් සිංහල බෞද්ධයන් බහුතරයක් හා ආරක්ෂක අංශ සාමාජිකයන් බහුතරයක් සිටින කුරුණැගල දිස්ත්‍රික්කය පුරා රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ වර්ගවාදය පදනම් කර ගත් මැතිවරණ ව්‍යාපාරය නියැලෙමින් සිටී.
එහෙත් ලැබෙන වාර්තා අනුව කියැවෙන්නේ සන්ධානයට, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සමඟ තියුණු තරගයකට මුහුණ දීමට සිදුවනු ඇති බවය. තිබෙන බවය. බුද්ධි අංශ වාර්තා අනුව එය 8 : 6: 1 ලෙස ආසන බෙදීයාමක් වීමට බොහෝදුරට ඉඩ තිබේ.