කුරුණෑගලත් බෑ වගේලු Featured

Sunday, 02 August 2015 19:02

ඉතිහාසයේ අතිශය සාමකාමී හා නිහඬ මැතිවරණයක් ලෙස මෙවර මහ මැතිවරණය හැඳින්විය හැකි වූවද මේවන විට මැතිවරණයේ උණුසුම දැඩිවන්නට පටන් ගෙන තිබේ. පෝස්ටර්, කටවුට් ආසන කාර්යාල හා ‍රැස්වීම් ආදියෙහි කැපි පෙනෙන අඩුවක් දිවයින පුරාම දකින්නට නොලැබෙන තත්වයක් තුල මේවර ඡන්ද දායකයට තරම්ක් නිදහසේ වරක් දෙවරක් කල්පනා කර තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වී තිබේ.

මේ තත්වය හමුවේ මෙවර ඡන්ද ප්‍රතිපලයද සාම්ප්‍රදයික ප්‍රතිපලයට වඩා වෙනස් වනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයන් සඳන් කරති. සාමාන්‍යයෙන් පසුගිය මැතිවරණ ප්‍රතිපළ හා වත්මන් ප්‍රචාරක කටයුතු ආදියත් ජනතාව දක්වන ප්‍රතිචාරත් මත අනුමාන ප්‍රතිපළ අනාවැකි කිව හැකි වූවත් මෙවර ඒ අසීරූ වී ඇත.

ප්‍රතිපල සම්බන්ධයෙන් කෙරෙන සමීක්ෂණ කටයුතු වලදී පවා සතියෙන් සතිය වෙනස් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කෙරෙමින් පවතී. කෙසේ නමුත් මෙවර කුරුණෑගල දිස්තික් ප්‍රතිපළය කෙරෙහි රටේම අවධානය යොමුව පැවැතීම විශේෂ තත්වයකි. හිටපු ජනාධිපතිවරයා එම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකු ලෙස තරග වැදීම නිසා එම තත්වය ඇතිව තිබෙන අතර එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් මේවන විට අසුබවාදී ප්‍රතිචාර ලැබී තිබෙන බව වාර්තාවේ.


මෙහෙයුම ගෝඨා අතේ


මෙම දිස්ත්‍රික්කයේ මැතිවරණ සටන මෙහෙය වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛව හිටපු ජාතික බුද්ධි සේවයේ ප්‍රධානීන් හා රාජපක්ෂවරුන්ට හිතැති ආරක්ෂක අංශ ප්‍රධානින් කිහිප දෙනෙකුද මූලිකත්වය ගෙන තිබේ. මේ නිසා නිරන්තරයෙන් බුද්ධි තොරතුරු ඒක රාශී කිරීමක් මෙම දිස්ත්‍රික්කයේ සිදුවෙමින් ඇත.

වාර්තාවී ඇති එම තොරතුරු වලට නුව මෙවර වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සන්ධානයට සියයට 50 ඉක්මවා යාම අසීරු කරුණක් බවට පත්ව ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිපළ වලට අනුව සන්ධානයට පහසු ජයක් අත්පත් කර ගත හැකි බව බැලූ බැල්මට පෙන්නුම් කළද එම තත්වය මහ මැතිවරණයේදී අත් නොවනු ඇති බව මේ වන විට පෙන්නට පටන් ගෙන තිබේ.

මහින්දට සටනක් නෑ

පළමු කරුණ වී තිබෙන්නේ කුරුණෑගල මහින්ද රාජපක්ෂ මහතාට නිශ්චිත ප්‍රතිවාදියකු නොමැති වීම තුල සටනක් නොමැති වීමය. එම තත්වය මත පිටගම් කාරයකු වන ඔහු කෙරේ ඡන්දදායකයාගේ අවධානය ඉවත්ව දිස්ත්‍රික්කයේ, ආසනයේ තමන්ට වඩා සමීප අපෙක්ෂකයන් කෙරෙහි ඡන්දදායකයගේ අවධානය යොමු වීම බරපතල ලෙස සිදුව තිබේ. මේ නිසා සාමාන්‍ය මැතිවරණයකදී සන්ධාන ඡන්ද දායකයා හැසිරෙන ආකාරය තරම්වත් මෙවර උනන්දුවක් පෙන්වන්නේ නැත.

ඒ අනුව මෙවර බොහො විට 2010 මැතිවරණයේදී සන්ධානය ලබා ගත් ප්‍රතිපළයටත් අඩු වෙනු ඇතැයි පෙනෙන්නට තිබේ. 2010 යනු මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියතම යුගයය. එහෙත් එම තත්වය තුලද සන්ධානයට ලබා ගත හැකිවූයේ 63 % ක ප්‍රතිශතයකි. එජාපයට සියයට 31 ක ප්‍රතිශතයක් ලැබුණු අතර ජවිපේ හා සරත් ෆොන්සේකා එකතුව සියයට 4 කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්න ලදී.

එවර රාජපක්ෂ මහතා සිටියේ ජනාධිපතිවරණයද ජයගෙන ඉතා ජයග්‍රාහී තත්වයකය. එම තත්වය මත හා එජාපයේ නායකත්ව අර්බූද නිසා කලකිරීමට පත් එජාප ඡන්ද දායකයා ඡන්ද පොළටවත් ගියේ නැත.

සියයට 10 කින් මහින්ද වැ‍ටුනා

නමුත් පසුගිය ජනාධිතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සියයට 45.7 ක් ලබා ගත්තේය, මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණේ සියයට 53.4 කි. පැහැදිලිවම රාජපක්ෂ මහතාගේ පද්නම සියයට 10 කි පහල ගොස් ඇත. විපක්ෂ ඡන්ද සියයට 14 කින් ඉහළ ගොස්ය.


එමෙන්ම එම මැතිවරණයේදීද රාජපක්ෂව පරාජය කළ නොහැකි බවත් එජාපයට දැන් බැරි බවත් බවත් කල්පනාකර ඡන්ද පොළට නොගිය යම් පිරිසක්ද සිටියහ. එමෙන්ම ශ්‍රී ලනීපයේ ලේකම් වරයා නිසා සිරිසේන මහතා වෙනුවෙන් පාවිච්චි නොවුන එජාප ඡන්ද සංඛ්‍යවක්ද තිබේ. එජාපයේ රනිල් විරෝධි පාර්ශ්වය බලා සිටියේ සිරිසේන මහතා පැ‍රැදුන විට රනිල්ව පන්නා එජාප නායකත්වය ගැනීමටය.

යළි නොසෙල්විය හැකි එජාප ආණ්ඩුවක්

මේ තත්වය මෙවර මහ මැතිවරණයේදී වෙනස් වී තිබේ. සියළු එජප සාමාජිකායන් හා හිතවතුන් මේවන විට වසර 21 කට පසු යළි සෙලවිය නොහැකි බහුතර බලයකින් යුතු ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීම වෙනුවෙන් පේවී සිටී. එම උනන්දුව මත වෙනදා නොලැබුණ පාවෙන ඡන්ද විශාල ප්‍රමාණයක්ද එජාපය වෙත ලැබෙනු ඇත. අලියා ලකුණෙන් මැතිවරණ වලට ඉදිරි පත් වීම එජාප පාක්ෂිකයා කුල්මත් කාරන තවත් වාසිදායකා තත්වයකි. ජනධිපතිවරණයට පෙර පැවැති වඩාත් උණුසුම් මෑතිවරණයක් වූ ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිපලයේදී එජාපයේ ඡන්ද ප්‍රතිශතය සියයට 20 කි පමන ඉහල ගිය බව මෙහිදී අවධාරණය කළ යුතුය.


සන්ධානයට සිදුවන අනෙක් අවාසිදායක තත්වය නම් පරාජිත මානසිකත්වයයි. එහිදී මහින්ද රාජපක්ෂට අගමැතිධුරය හිමි නොවන බවත් මීළඟ පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එජාප ආණ්වක්ම බවට රටේ පොදු මතයක් තිබේ. ඊට ජනාධිපතිවරයාගේ සහයත් සන්ධානය තුල සිටින් මෛත්‍රී පිළේ සහයෝගයත් ඊට ලැබෙන බව ද බහුතරයක් දෙනා කල්පනා කරයි. එම තත්වය තුල ඇතැම් සන්ධාන පාක්ෂිකයකු ඡන්ද පොළට නොයෑමට ඉඩ තිබේ.

මේ අතරම සන්ධානයේ දුෂණ වංචා කළ පිරිස් වලට නැවත නාමයෝජනා ලබා දීම හා ඇතැම් දූෂණ වංචා අපරධ චෝදනා හෙළිවීම ආදිය නිසා මධ්‍යමපාන්තික ජන කොටස්වල යම් ප්‍රමාණයක ඡන්දද සන්ධානයට නොලැබී යනු ඇත.එම ඡන්ද දූෂණ විරෝධීන් වන ජවිපෙ කෙරෙහි මෙවර යොමු විය හැකිය. එම තත්වයද මෙවර රට පුරා දකිනන්ට ලැබෙනු ඇත.

අනෙක් ප්‍රධානම කරුන වන්නේ රාජ්‍ය දේපල මාධ්‍ය මුදල් ආදිය නොමැතිව මෙවර මහ මැතිවරණයට මුහුණ දීමේ අභියෝගයට සන්ධානය මුහුණ පාසිටීමය. එය අද එජාපය නතු කොට ගෙන ඇත.

මේ ආදී කරුනු කාරණා නිසා මෙවර සන්ධානයට සියයට 50 ඉක්මවා යෑමට දැඩි තරගයකට මුහුණ දීමට සිදුවනු ඇත. ආසන 15 කින් 8 ක් දිනා ගැනීමත් ඒ අනුව දැඩි අසිරු කරුණකි. ගියවර ආසන 10 දිනා ගැනීමට සන්ධානය සමත්විය.

එස් බී නවින්නගේ කුල පරම්පරාව

2010 දී ජයගත් කුරුණෑගල, මාවතගම, ආසන දෙක පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතා පරාජය විය. එමෙන්ම පඬුවස්නුවර, කුලියාපිටිය,දොඩම්ගස්ලන්ද, බිංගිරිය, හිරියාල,පොල්ගහවෙල ආසන රාජපක්ෂ මහතා ජය ගත්තේ සුළු පරතරයකිනි. මෙවර මෙම මන්ත්‍රී කොට්ඨාශ 6 හි ප්‍රතිපලය වෙනස් වීමට ඉඩ ඇත.

එමෙන්ම මෙවර එජාපයෙන් තරගවදින එස් බී නාවින්න මහතාගේ බලපෑමද සන්ධානයට බලවත්ව දැනෙනු ඇත. ඔහු නියෝජනය කරන වාරියපොල ආසනයේ ප්‍රතිපලයට පක්ෂ බේදයට වඩා කුලපරම්පරා බැඳීම් හේතුවනු ඇත.

එම නිසා කුරුණෑගල ආසනයත් දිනා ගැනීම අසීරු තැනකට පත්වන හේතුන් සමස්ත රටේ ප්‍රතිපළය කෙරෙහිද යම් තරමකට බලපවත්වනු ඇත.

 

- ජනතා පාක්ෂිකයා

Last modified on Sunday, 02 August 2015 19:05

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us