ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ශාන්ත බණ්ඩාර සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර අැත. පසුගියදා ජනපති මෛත‍්‍රිපාල සිරිසේන සිදු කළ මහින්ද විරෝධී ප‍්‍රකාශයට විරෝධය පළ කරමින්තමන් සිය නියෝජ්‍ය ඇමති තනතුරින් ඉල්ලා අස්වන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසා ඇත.

පසුගිය කාලය පුරාම විශාල කතාබහකට ලක්වූ MH 370 මැලේසියානු ගුවන් යානයට සමාන ගුවන් යානා කොටස් කිහිපයක් දකුණු ඉන්දීය සාගරයේ පිහිටි රීයුනියන්(Reunion) නම් දුපතේ තිබී හමු වී තිබේ.

'නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කිරීම' යන මාතෘකාව මතු කළ සැණින් බොහෝ උන් අවි අමෝරාගෙන දිව එන්නේ රණවිරුවන් පෝරකයට යැවිය නොහැකි බවත්, රට පාවා දීමට නොහැකි බවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයන්ට අසු නොවිය යුතු බවත් පවසමිනි. වඩා නිවැරදිව කියන්නේ නම් එසේ මොර දෙමිනි. නමුත් පසුගිය රාජපක්ෂ පාලනය තුළ නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කෙරුණේ උතුරේ පමණක්ද ? පැහැදිලිව ම නැත. මැතිවරණ සමයට පමණක් පොදුවේ සමාජයට මතක් වෙන සහ ඉතිරි කාලය තුළ අදාල පවුල් වල සාමාජිකයින් තනිව විඳවනා මූලික සිද්ධීන් තුනක් පිළිබඳව අපි සලකා බලමු.

චන්දන ගුණසේකර

මා හට දැනුම් තේරුම් ඇති වයසේ සිට ශ්‍රී ලංකාවේ මා හොඳින් අසා ඇති " ද අල්විස්ලා" තිදෙනෙකු වූහ. ඉන් එක් අයෙකු වූයේ දේශපාලනය නිසා ප්‍රසිද්ධියට පත් ආනන්ද තිස්ස ද අල්විස් මහතාය. දෙවැනි අල්විස් මා තදින්ම ඇලුම් කළ මගේ ලෝකයේ වීරයන් අතර ඉහළින්ම ජීවත්වූ එහෙත් දේශපාලනය විසින් ඉතාමත්ම අඩු වයසින් අපට අහිමි කළ කවියකු, ගේය පද රචකයකු, නිවේදකයකු හා මාධ්‍යවේදියෙකුද වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාය.

එක්‌සත් ජාතික පෙරමුණට ඡන්දය දීමට අකමැති උදවිය ජනතා විමුක්‌ති පෙරමුණට ඡන්දය දෙන්නැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ විකල්ප කණ්‌ඩායමේ සභාපති ඩී. ඩබ්ලිව්. සුබසිංහ මහතා ඉල්ලා ‌ සිටියේය.

යළි ඉඳිකිරීම සහ සංවර්ධන නියෝජිතායතනයේ (රාඩා) මුදල් අයථා ලෙස පරිහරණය කිරිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කිරීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වමින් ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා සිටින නමුත් ඊට එක්සත් ජාතික පෙරමුණ එකඟත්වය පල නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා ප්‍රකාශ කරයි.

විවෘත විශ්ව විද්‍යාලයේ වැඩිකල පාඨමාලා ගාස්තු වහා පහල දමන ලෙස සහ සියලු සිසු ගැටළු විසඳන ලෙස ඉල්ලමින් සිසුන් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග‍්‍රහයට දින 225 ක් පිරීම නිමිත්තෙන් අද(29) විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත සංවිධානය කර තිබූ පා ගමන ජයග්‍රහණයෙන් අවසන් වී තිබේ .

එල්ටීටීඊ සංවිධානයෙන් අත්පත් කර ගන්නා ලද රත්තරන් ටොන් 310 කට ආසන්න ප්‍රමාණයක් හොර රහසේ විකිණීම සම්බන්ධයෙන් වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණය යට ගැසීම සඳහා එම දෙපාර්තමේන්තුවේ මෙවන විට නොමැති එහෙත් එම පරීක්ෂණ සඳහා මැදිහත්වූ නිළධාරියකුටත් යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුටමත් රුපියල් මිලියන  50 සිට 300 දක්වා  ගෙවා ඇති බව වාර්තාවේ. 

ලෝක ප්‍රසිද්ධ ජර්මානු වාහන නිෂ්පාදන ආයතනයක් වන වොක්ස්වැගන් මේ වසරේ ජනවාරි සිට ජුනි අතරතුර කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 5.04 ක වාහන විකුණා ඇති බව වාර්තා වේ.

Connet With Us