ටොන් 310යේ රත්තරන් ගනුදෙනුව යට ගහන්න යහපාලනයට ජරාවක් ! Featured

Published in පුවත්
Wednesday, 29 July 2015 16:48
එල්ටීටීඊ සංවිධානයෙන් අත්පත් කර ගන්නා ලද රත්තරන් ටොන් 310 කට ආසන්න ප්‍රමාණයක් හොර රහසේ විකිණීම සම්බන්ධයෙන් වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණය යට ගැසීම සඳහා එම දෙපාර්තමේන්තුවේ මෙවන විට නොමැති එහෙත් එම පරීක්ෂණ සඳහා මැදිහත්වූ නිළධාරියකුටත් යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුටමත් රුපියල් මිලියන  50 සිට 300 දක්වා  ගෙවා ඇති බව වාර්තාවේ. 
 
ටොන් 350ක් වූ මෙම රත්තරන් තොගයෙන් ටොන් 310ක් හොර රහසේ විකුණා ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂට චෝදන එල්ලව තිබේ. එමෙන්ම මහ බැංකුව හරහා විකුණා දමන ලද ටොන් 40 ක රත්ත්‍රන් ගනුදෙනුවේදී අදාල ත‍රැව්කරුවන්ට ගෙවීමට නියම වූ කෝටි 600 ක මුදලද වංචා සහගත ලෙස අත්පත් කර ගත් බවටත් මහින්ද රාජපක්ෂට එම තැරව්කරුවන් විසින් චෝදනා කරයි. 
 
කෙසේ නම් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක අනුව මෙහි පරීක්ෂණ කටයුතු සුදු වූ නමුදු ඒ මේවන විට අතරමඟ නවතා දමා ඇත. පසුගියදා මේ සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් 'සත්හඬ' ඉරිදා පුවත් පතේද පලවූ අතර ඉන් කැලැඹීමට පත් රාජපක්ෂ පාර්ශ්වය අදාල තැ‍රැව්කරුවන් කිහිප දෙනෙකුට කෝටි 08 බැගින් ගෙවා මැතිවරණයෙන් පසුව ඉතිරි මුදල් ගෙවන බවට පොරොන්දූ වී ඇති බවත් වාර්තාවේ. එතෙක් මේ සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු ලබා දීමෙන් වලකින ලෙස ඉල්ලා ඇත.
 
පසුගිය ජනාධිපතිවරණයට පෙර අප විසින් මෙම ගනුදෙනුව හෙළිකරන ලදී. එහිදී ද මෙම තැ‍රැව්කරුවන්ට ජනාධිපතිවරණයෙන් පසුව අදල මුදල් ගෙවන බවටද පොරොන්දු වී තිබිණි.
 
කෙසේ නමුත් මේ ගනුදෙනුව සම්බන්ධයෙන්වත්මන් ජනධිපති මෛත්‍රෙපල සිරිසේන මහතාද පූර්ණ අවබෝධයකින් පසුවේ. එහෙත් රාජපක්ෂ වරුන්ට එරෙහිව නීතිය ක්‍රියත්මක වීම  තවදුරටත් ප්‍රමාදවෙමින් තිබේ.
 
මෙම මුදල් ගෙව ඇත්තේ පසුගිය කාලයේ විවිධ ජාවාරම් සඳහා චෝදනා ලැබූ කූප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනකු විසිනි. ඔවුන් විසින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී වත්මන් ආණ්ඩුවේ මැති අමැතිවරුන් ගනනාවකටද මෙලෙස මුදල් ලබා දී තිබේ.  මොවුන් ලබා දුන් මුදල්  ප්‍රතික්ෂේප කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් පමණක් බවද තතු දත්තො පවසති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us