රාඩා මුදල් වංචාවට මහින්දගෙනුත් ප්‍රශ්න කෙරෙන හැඩ

Published in පුවත්
Thursday, 30 July 2015 07:31

යළි ඉඳිකිරීම සහ සංවර්ධන නියෝජිතායතනයේ (රාඩා) මුදල් අයථා ලෙස පරිහරණය කිරිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කිරීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් සභාපති වශයෙන් කටයුතු කළ රාඩා ආයතනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විෂය ක්ෂේත්‍රය යටතේ පැවති ආයතනයකි.එම ආයතනය පිහිටුවිමේ මූලික අරමුණ වූයේ 2004 දෙසැම්බර් 26 දිනසිදුවූ සුනාමි ස්වභාවික විපතින් නිවාස සහ දේපළ නැතිවු අයට සහන සැපයිමයි. සුනාමි යළි ඉදිකිරිමේ අරමුදලේ මුදල් වංචා කිරිමේ චෝදනා මත රාඩා ආයතනයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ආචාර්ය සාලිය වික්‍රමසූරිය මහතා පොලීස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

ටිරාන් අලස් මහතා රාඩා ආයතනයේ සභාපතිව සිටි කාලයේදි ඉහතකී අරමුදලින් වික්‍රමසූරිය මහතා රුපියල් මිලියන් 169 ක් වංචාකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. රුපියල් 50000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනයක් බැගින් වූ ඇප දෙකක් මත කොළඹ මහ අධිකරණය විසින් පසුව මුදා හරින ලදි.

ඉහත කි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාට අමතරව රාඩා මුදල් වංචාව සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු මුදල් සහ පරිපාලන අධ්‍යක්ෂවරයාද අත්අඩංගුවට ගන්නා ලදි. එම විමර්ශන කෙරිගෙන යන අතරවාරයේදී අත්අඩංගුවට ගැනිම වැළැක්විම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදි.

මූලික විමර්ශනවලින් හිටපු ජනාධිපතිවරයාගේ නියෝගය මත රාඩා ආයතනයට භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1959 ක්වු අතිවිශාල මුදලක් ලබාදි ඇතැයි හෙළි වී තිබේ. රාඩා ආයතනය ක්‍රියාත්මකව පැවති අවධියේදි එම ආයතනය විසින් රු පියල් මිලියන 2431 ක් වියදම් කර ඇතැයි පොලිස් මූලාශ්‍ර පවසයි.

ඉදිකිරීම් ව්‍යාපෘති බාරදි ඇත්තේ ජී. එස්. බිල්ඩර්ස්, සීමාසහිත බී .කේ හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම සහ එවරස්ට් සිවිල් ඉංජිනේරු සේවා සමාගමටයි. බි ඇන්ඩ් කේ හෝල්ඩින්ග්ස් සමාගම සහ එවරස්ට් සිවිල් ඉංජිනේරු සමාගම විසින් ත්‍රිකුණාමලයේ සහ මඩකළපුවේ නිවාස ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 169 ක් ලබාගෙන තිබේ. එහෙත් එකදු නිවසක්වත් ඉඳිකර නැතැයි විමර්ශන කටයුතුවලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසිය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව හිටුපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බව විමර්ශන කටයුතවල නියැළි ජ්‍යෙෂ්ට නිලධාරියෙක් පැවසිය. ඔහුගෙන් ප්‍රශ්න කිරිමෙන් තොරව විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යා නොහැකි යැයි ද එම නිලධාරියා කියයි.

 

දිනමිණ

Last modified on Thursday, 30 July 2015 07:38

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us