එජාපෙට ඡන්දය දීමට අකැමැති නම් ජවිපෙට දෙන්න - කොමියුනිස්‌ට්‌ විකල්ප කණ්‌ඩායම

Published in පුවත්
Thursday, 30 July 2015 07:49

එක්‌සත් ජාතික පෙරමුණට ඡන්දය දීමට අකමැති උදවිය ජනතා විමුක්‌ති පෙරමුණට ඡන්දය දෙන්නැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ විකල්ප කණ්‌ඩායමේ සභාපති ඩී. ඩබ්ලිව්. සුබසිංහ මහතා ඉල්ලා ‌ සිටියේය.

ජනවාරි 8 දා මේ රටේ ජනතාව දිනාගත් යහපාලනය ඉදිරියට ගෙන යෑමට ජනතා විමුක්‌ති පෙරමුණද දායක වන බැවින් තම විකල්ප කණ්‌ඩායම මෙම ඉල්ලීම කරන බවද සුබසිංහ මහතා සඳහන් කළේය.

ඊයේ (29දා) පෙරවරුවේ කොළඹ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ විකල්ප කණ්‌ඩායම පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඔහු මේ කරුණු සඳහන් කළේය.

මේ රටේ බහුතර ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය සඳහා ජනවාරි 08 දා ලබා දී ඇති තීන්දුව ආපසු හැරවීමට ඉඩ දෙන්න බෑ. මේ ජනතා ජයග්‍රහණය වෙනස්‌ කරන්න අද මහින්ද රාජපක්‍ෂ උත්සහ දරනවා. එය පරාජය කළ යුතුය.

මේ රටේ යහපාලනයක්‌ ඇති කරලීමට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඒ කණ්‌ඩායම ගනු ලබන උත්සාහයට අපගේ පූර්ණ සහය ලබා දෙන බවද සුබසිංහ මහතා සඳහන් කළේය.

 

දිවයින

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us