News Items (18842)
යහපාලන ආණ්ඩුව යටතේ සිදු කළේ දූෂණය අඩු කිරීම නොව දූෂණය තුරන් කිරීම බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දූෂිත ව්‍යාපෘතිවලට යෙද වූ මුදල් ජනතාවගේ සාක්කුවට යන වැඩ පිළිවෙළ ආරම්භ වී ඇති බවයි.
රාජපක්ෂලාගේ මාධ්‍ය නිදහස මම අත්දැකීමෙන් දන්නවා - අජිත් පී පෙරේරා(photos)
පර්සි මහින්ද රාජපක්ෂගේ මෘග පාලනය තුළ මාධ්‍ය නිදහස නිර්ලජ්ජිතව හා අමු අමුවේ විනාශ කිරීමේ කථාන්තරය හොඳින්ම පිළිඹිබු වන්නේ රිවිර පුවත් සමාගම් ඉතිහාසය තුළ විය හැකි බව විදේශකටයුතු නියොජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. ඔහු තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව පවසයි.
අපි ස්ථාවර රටක් ගොඩනගනවා. ජනතාව සතුටින් තියනවා – අනුර දිසානායක
වසර 67ක් මුළුල්ලේ මේ රටේ ජනතාව ආණ්ඩු හැදුවා මෙන්ම ආණ්ඩු පෙරලූ බවත් නායකයෝ ගෙනා බවත් නායකයෝ මාරු කළත් අපේ ජීවිතවල ප්‍රශ්නය එලෙසම බවත් බලයට එන්නන් ජනතාවගේ ප්‍රශ්න විසඳීමට තුට්ටුවකට මායිම් නොකර ඒ අයගේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරන බවත් ගෙයක් නැත්නම් ගෙයක් හදාගන්න. එක වාහනයක් මදිනම් වාහන දහයක් ගන්න. දරුවෝ පිටරට යවන්න. හෝටල් හදාගන්න. නැව් ගන්න. කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අපි දේශපාලනයට ආවේ අපේ ප්‍රශ්න විසඳගන්න නෙවෙයි ජනතාවගේ ප්‍රශ්න විසඳීමට බව බේරුවල පැවති ජන රැළියකදී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
බොරු ෆැක්ටරියක් වී තිබෙන විමල් වීරවංශයේ ලංකා සී නිව්ස් වෙබ් අඩවිය අද දින 'සත්හඬ' පුවත්පතේ උපුටා ගැනිමක් ලෙස හැඟවෙන ව්‍යාජ තොරතුරු ඇතුලත් පුවතක් පළ කර තිබේ. 'සත්හඬ' නමින් මේ රටේ ඇත්තේ එක් ඉරිදා පුවත් පතකි. එම පුවත් පතෙහි මෙවැනි පුවතක් පළ වී නැත.
පිටසක්වල සමඟ ගනුදෙනු කිරීම අනතුරු සහිතයි - විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්
ලෝකයේ බොහෝ දෙනෙක් තුල පිටසක්වල ජීවින් පිළිබඳ විශාල කුතුහලයක් පවතිනවා. ඒවගේම ඒ පිළිබඳ විවිධ පරීක්ෂණත් පැවැත්වෙනවා.
මහපොළ 6000 යි..... අලුතින් බඳින අයට ලක්ෂ 2 යි...
උසස් අධ්‍යාපනයට 50000 යි...
මේ කුරුණෑගල ඡන්ද අපේක්ෂකයකු තමා සමාජ වෙබ් අඩවිවල බලයට යටත් වූ බව දැක්වෙන ප්‍රකාශ තුනක්.. අවුරුදු 10 ක් තිස්සේ උතුර සහ දකුණ තරුණ පරපුරට නිදහස් අදහස් දැරීමේ ඉඩ ඇහිරූ විධායක බලයේ සුපිරි තත්ත්වයක් ඉසිලු හිටපු පාලකයකු නිකම්ම නිකං පාර්ලිමේන්තු මන්ත්‍රීකමකට තරඟ වදිමින් දෙන පොරොන්දු අහද්දි හිනායන්නේ කටින් නෙමේ ය.
මං දේශපාලනය ගැන උනන්දුවක් තිබුණු කෙනෙක් නෙවෙයි කවදාවත්ම. කොරේ පිටට මරේ කියල විවෘත ආර්ථිකයයි, විධායක ජනාධිපතිකමයි එකපාර කඩන් පාත්වෙච්ච අවුරුද්දෙ උපන් හින්දමද මන්දා ‘මට ඔය දේශපාලනය අරහං‘ කියල නිතර දෙවේලේ මතුර මතුරා කිව්වත් මට සිද්දවුණේම දේශපාලන කයිකතන්දර අස්සෙම ගැවසි ගැවසී, දැවටි දැවටී, රැවටි රැවටී, ඇවිළි ඇවිළී ඉන්න...
ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක්වූ ශ්‍රීපනිපය මේ වන විට පත්ව ඇත්තේ ඉතා අසරණ තත්වයකට බවත් එම පක්ෂයේ ජේෂ්ඨයන් බලා සිටියදී විමල් වීරවංශගේ මතයට ශ්‍රීලනිපය යටවී ඇති ආකාරය පිළිබදව කණගාටුවක් ඇති බව ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද(27) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.
දැන් වමේ පත්තර කලාව කියල දෙයක් නෑ - ගුණසිරි සිල්වා
ගුණසිරි සිල්වා යනු මෙරට සිටින ප‍්‍රවීණ මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක් හා චිත‍්‍රපට විචාරකයෙකි. කලක් ‘සියරට’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා හැටියට කටයුතු කළ ඔහු ඒ සමයේ පුවත්පතට ලියූ කතුවැකි රැසක් කෘතියක් ලෙස එළි දැක්වීමට කටයුතු සූදානම් කරමින් සිටී.
'අවිචාර සමය - රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග' ලෙස නම් කර තිබෙන මේ කෘතිය මේ මස 29 වන බදාදා සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී දොරට වැඞීමට නියමිතය. පහත දැක්වෙන්නේ අප ඒ පිළිබඳ ගුණසිරි සිල්වා සමඟ කළ සාකච්ජාවයි.
