කාන්තාවන්ට අසමාන ලෙස සැළකුවොත් රටක් දියුණු කළ නොහැකියි - ඔබාමා

Published in විදෙස්
Monday, 27 July 2015 10:56

කෙන්යාවේ ප්‍රථම නිල සංචාරය සඳහා එක් වී සිටින ඔබාමා කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට දෙවන පන්තියේ පුරවැසියෙකු ලෙස සැලකීම හරහා  රටක් දියුණු කළ නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

කෙන්යාවේ නයිරෝබි අගනුවර පැවැත්වුණු ජන හමුවක් අමතමින් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ කාන්තාවන්ට සමාන ලෙස සැලකීමට කෙන්යාව තවදුරටත් කටයුතු කළ යුතු බවයි.

කෙන්යාව තුල පිරිමි ළමුන්ට සාපේක්ෂව අධ්‍යාපනය ලබන ගැහැණු දරුවන්ගේ සංඛ්‍යාව අඩු අගයක පවතින අතර කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය මුදා හැරීම් සහ ගැහැණියකට හිමි වෙන වැටුප පිරිමියෙකුට සාපේක්ෂව ඉතා අඩු අගයක පවතියි.

මීට අමතරව එරට තුල අංග විච්ඡ්දනය 2011 වසරේ සිට තහනම් කර තිබුනත් විවිධ කුඩා ගෝත්‍ර තුල තවමත්  ගැහැණු ළමුන් අංග විච්ඡ්දනයට ලක් කරන බව පැවසේ. මේ පිළිබඳව අදහස් දක්වමින් බැරක් ඔබාමා ප්‍රකාශ කරනු ලැබුවේ එවැනි  යල් පැන  ගිය  අදහස්වලට  21 වන සියවසේ ඉඩක් නොමැති බවයි.

මීට අමතරව විවිධ ගෝත්‍ර අතර සිදුවන  ගැටුම් පිළිබඳවද ඔබාමාගේ විවේචන එල්ල වී තිබේ. 1992 වසරේ කෙන්යාවේ ගෝත්‍ර දෙකක් වන කලෙන්ජින් සහ කිකුයු අතර ඇති වූ  ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 5000ක් පමණ මිය ගොස් තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us