ගුවන් නියමුවෙකු වීමට සිහින මැවූ අබ්දුල් කලාම්

Published in විදෙස්
Tuesday, 28 July 2015 10:44

ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ඉන්දීය මිසයිල වැඩසටහනේ පුරෝගමියා වන අබ්දුල් කලාම් මියගොස් තිබේ. ඔහු මියගොස් ඇත්තේ මෙගාලය පළාතේ ෂිලෝන්ග් නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක දේශනයක් පවත්වමින් සිටින අතරතුරදියි.

මිය යාමට හේතුව ලෙස වෛද්‍යවරුන් පවසා ඇත්තේ හෘදයාබාධයකි. අබ්දුල් කලාම් 2002 සිට 2007 දක්වා කාලය තුලදී ඉන්දියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.1931 වසරේ ඔක්තෝබර් මස 15 වැනිදා ඉන්දියාවේ රාමේෂ්වරන් හී සාමාන්‍ය පවුලක උපත ලැබු අබ්දුල් කලාම් මිය යන විට 84 වැනි වියේ පසුවිය.

අබ්දුල් කලාම් කුඩා කාලයේ සිහිනය වී තිබෙන්නේ ප්‍රහාරක ගුවන් නියමුවෙකු වීමටයි. කලාම්ගේ ජීවිත කතාව ඇතුලත් My Journey නම් පොතේ සඳහන් කරන පරිදි ඔහු ඉතා බලාපොරොත්තු සහගතව ගුවන් නියමුවෙකු වීමට උත්සාහ ගෙන ඇත.

එමෙන්ම ඔහු මේ සඳහා ඉන්දීය ගුවන් හමුදාව ඇතුළු විවිධ ආයතන කිහිපයකම සම්මුඛ පරීක්ෂණ කිහිපයකටමසඳහා මුහුණ දී තිබෙනවා. එහිදී සුදුසුකම් සේම කඩවසම් බවත් මේ තෝරාගැනීම් සඳහා බලපාන බව තමාට තේරුම් ගිය බව කලාම් තම පොතේ සඳහන් කරනු ලබයි.

ගුවන් නියමු සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දුන් කලාම් 25 දෙනෙකු අතරින් නම වන ස්ථානයට පත් වුවත්අවසානයේදී තෝරාගෙන තිබෙන්නේ අට දෙනෙකු පමණක් බව සඳහන් වේ. පසුව බලාපොරොත්තු සුන් කරගන්නා කලාම් වෙනත් මාර්ගයකට අවතීර්ණ වන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ විද්‍යාත්මක පරීක්ෂණ සහායකයෙක් ලෙස සේවයට බැඳුනු පසුවයි.

My Journey පොතේ ඔහු මුහුණ දුන් අභියෝග, න්‍යෂ්ඨික වැඩපිළිවෙලේ උපදේශකයෙක් ලෙස ගත කළ සහ ජනාධිපතිවරයෙකු ලෙස ගත කළ කාලය පිළිබඳ විවිධ කතා වලින් පිරී ඇති බව සඳහන් වේ.

1974 වසරේදී ඉන්දියාව විසින් ආරම්භ කරනු ලැබු පොක්රාන් - II න්‍යෂ්ඨික අත්හදා බැලීම සඳහා අබ්දුල් කලාම් සිය ඉහල දායකත්වයක් ලබා දුන් අතර
අග්නි සහ පෘථිවි මිසයිල ව්‍යාපෘතින් සඳහා ද අබ්දුල් කලාම් මහතා සිය දායකත්වය ලබා දෙනු ලැබීය .

පසුගිය ජුනි මාසයේ ශ‍්‍රී ලංකාවේ පැවති බලශක්ති සංරක්‍ෂණය සම්බන්ධයෙන් වන විශේෂ දේශනයකට ද අබ්දුල් කලාම් මහතා ශ‍්‍රී ලංකාවට පැමිණියේය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us