බැරක් ඔබාමාගේ කෙන්යානු සංචාරය

Published in විදෙස්
Saturday, 25 July 2015 11:56

කෙන්යාවේ සංචාරයක නිරතව සිටින බැරක් ඔබාමා සිය සංචාරයේ විශේෂ පියවරක් සනිටුහන් කරමින් මහා පරිමාණ ව්‍යාපාරික සමුළුවක් විවෘත කිරීම සඳහා එක් වී තිබේ.

සිය කෙන්යා සංචාරය නැගෙනහිර අප්‍රිකාවේ ත්‍රස්තවාදයට, දූෂණ අපචාර සහ මානව හිමිකම් උල්ලංඝනය කරනු ලැබීම්වලට  එරෙහි ඇමෙරිකානු කැපවීම ප්‍රදර්ශනය කරන්නක් වන බව සංචාරය ඇරඹීමට ප්‍රථම ජනාධිපති බරක් ඔබාමා බීබීසී සේවය සමඟ ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ප්‍රථමවරට තම පියාගේ මව් භූමියේ සංචාරයක නිරතව සිටින ඔබාමා  කෙන්යාවේ නයිරෝබි නුවරට ඊයේ(24) ළඟා විය.

එමෙන්ම අද (25)දින ඇමරිකානු ජනාධිපතිවරයා 1998 වසරේ කෙන්යාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය වෙනුවෙන් ඉදිකර ඇති ස්මාරකය නැරඹීමට යාමටද නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්පසු කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා සමඟ ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග පිළිබඳ ද්වී පාර්ශවික සකච්ඡා පැවැත්වීමට නියමිත බව පැවසේ.  කෙන්යාව මේ වනවිට සෝමාලියානු සටන්කාමී සංවිධානයක් වන අල්  ශබාබ්  ප්‍රහාර වලට නිරන්තරයෙන් ගොදුරුව සිටයි.

2013 වසරේ කෙන්යාවේ සාප්පු සංකීර්ණයකට එල්ල වූ අල්  ශබාබ් බෝම්බ ප්‍රහාරයකින් 67ක් ජීවිතක්ෂයට පත් වූ අතර මේ වසරේ උතුරු කෙන්යාවේ ගරිස්සා විශ්ව විද්‍යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් 148 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.  

ඔබාමාගේ  සංචාරය කෙන්යානු මාධ්‍ය වාර්තා කර තිබුණේ නිවසට පැමිණීම (homecoming) යන තේරුමෙන් වන අතර ඔබාමා ගුවන් තොටුපොළේ සිට පැමිණෙන මඟ දෙපස විශාල පිරිසක් රැස්ව සිටි බව වාර්තා වේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us