විවාහයකින් තොර සම්බන්ධතා අපරාධයක් නොවේ - ඉන්දියානු අධිකරණය

Published in විදෙස්
Friday, 24 July 2015 15:39

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිත්‍යානුකූල විවාහයකින් තොරව දෙදෙනෙක් එක්ව වාසය කිරීම පිළිගත් සම්මතයක් බව පිළිගෙන තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම විවාහ ලියාපදිංචියකින් තොරව දෙදෙනෙක් එක්ව වාසය කිරීම අපරාධයක් ලෙස නොසැළකුණත් එය විවෘතව පිළිගත් සහ සහාය පළ කර ප්‍රථම අවස්ථාව ලෙස මෙම නඩු තීන්දුව සැළකේ.

තීන්දුවට ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරුන් පවසා ඇත්තේ නූතන සමාජයේ දෙදෙනෙක් නිත්‍යානුකුලව විවාහ වීමෙන් තොරව එක්ව වාසය කිරීම සමාජ සම්මතයක් ලෙස පිළිගන්නා බැවින් එය අපරාධයක් නොවන බවයි.

මීට පෙර 2013 වසරේ  ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිත්‍යානුකුල විවාහයකට බැඳී සිටින කාන්තාවන් සහ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීතියක් සම්මත කරන ලෙස එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ල තිබුණි.

එසේම මෙම වසරේ අප්‍රේල් මාසයේ ගැහැනියක් සහ පිරිමියෙක් නිත්‍යානුකූල විවාහයකින් තොරව එක්ව වාසය කරන්නේනම්  එය සම්මත විවාහයක් ලෙස පිළිගන්නා අතරම එවැනි සම්බන්ධතාවයක සහකරුවා මිය ගිය විට ඔහුට හිමි දේපළ බිරිඳට අයත් වන බව පිළිගෙන ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us