ඔබාමා තම නෑසියන් බැහැදකින්න සැරසෙයි

Published in විදෙස්
Thursday, 23 July 2015 11:05

ජනාධිපති ඔබාමා මේ සතියේ පළමු වතාවට තම පියාගේ මව් රට වූ කෙන්යාවේ සංචාරය කිරීමට නියමිත බව ධවල මන්දිරය වාර්තා කරයි. මේ අනුව ඔහු කෙන්යාවට අමතරව නයිජීරියාව සහ ඉතියෝපියාව යන අප්‍රිකානු රටවල් දෙකේද සංචාරය කිරීමට නියමිතයි.

දෙවරක් අමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවු ජනාධිපති ඹබාමා අප්‍රිකා මහාද්වීපයේ සිවු වරක් සංචාරය කර ඇත. එහෙත් ඔහුගේ පියාගේ නිජබිම වු කෙන්යාවට ඹබාමා මෙතෙක් ගොස් නැත .

ජනාධිපති මබාමාගේ පියා උපත ලබා ඇත්තේ කෙන්යාවේ ඈත බටහිර සමකයට සහ වික්ටෝරියා විලට ආසන්නයේ පිහිටි ගම්මානයක බවට විශ්වාස කෙරේ. අද(23) දින ඉතියෝපියාවට සම්ප්‍රාප්ත වන ජනාධිපති ඹබාමා ඇඩිස් අබාබා අගනුවර ගුවන්තොටුපොළින් ගොඩ බසිනු ඇත.

ඉතියෝපියාවේ සංචාරයක නියැළෙන ප්‍රථම අමෙරිකන් ජනාධිපතිවරයා වශයෙන් ඔබාමා ඉතිහාසගත වනු ඇත.නයිජීරියාවේ නයිජර් නගරයේ මහා බාධක නිම්නයේද ඔබාමා සංචාරය කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. අතර පසුගිය සඳුදා ජනාධිපති ඔබාමා ධවල මන්දිරයේදී නයිජීරියා ජනාධිපති බුහාරිට ආගන්තුක සත්කාර දකවා ඇත.

ජනාධිපති ඔබාමාගේ මෙවර අප්‍රිකා සංචාරය වඩාත් කතාබහට ලක්වී ඇත්තේ ඔහුගේ කෙන්යා සංචාරය නිසා බව විචාරකයෝ පවසති.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us