සිනා.. සිනා.. පොලිටික්ස් සිනා

Published in පුවත්
Monday, 27 July 2015 13:15

මහපොළ 6000 යි..... අලුතින් බඳින අයට ලක්ෂ 2 යි...

උසස් අධ්‍යාපනයට 50000 යි...

මේ කුරුණෑගල ඡන්ද අපේක්ෂකයකු තමා සමාජ වෙබ් අඩවිවල බලයට යටත් වූ බව දැක්වෙන ප්‍රකාශ තුනක්.. අවුරුදු 10 ක් තිස්සේ උතුර සහ දකුණ තරුණ පරපුරට නිදහස් අදහස් දැරීමේ ඉඩ ඇහිරූ විධායක බලයේ සුපිරි තත්ත්වයක් ඉසිලු හිටපු පාලකයකු නිකම්ම නිකං පාර්ලිමේන්තු මන්ත්‍රීකමකට තරඟ වදිමින් දෙන පොරොන්දු අහද්දි හිනායන්නේ කටින් නෙමේ ය.

ඒ උත්තමයගෙ අත භක්තියෙන් අල්ලා ගත් කෙසඟ මිනිසකුගේ ග්‍රහණය ඉවසනු නොහැකිව ඇසෙන් පමණක් නොව අසවල් තැනින්ද කදුළු පැන්න මිනිසා වන්නේ ද මොහුය.. තවත් වසර හයකට මේ රටේ විධායකයේ යතුර දරණ පාලකයකු සිටින බව නොදැන කරන කතා නොවේ මේ.. ඡන්ද දායකයින් මෝඩයන් ය.. උන්ට කිසි දෙයක් ගැන ඒ හැටි මතකයක් නැත.. මුන් මඤ්ඤං ය.. යනුවෙන් තවම සිතන බව මේ කතා තහවුරු කරයි..

ඉතිං තරුණ සගයිනි.. නුඹලා වෙනුවෙන් පිරිනමන වරදාන ඔහුගේ පරාජය තව තවත් තහවුරු කරන්නක් මිස නුඹලාගේ අවබෝධය යටත් කරගනු නොසමත් බව සිතන්න.. අමතක නොකරන්න.. විවාහ ලියාපදිංචි‍ය රුපියල් පන්දහසක් දක්වා වැඩි කළ උත්තමයා ද මොහු ය.. දැන් බඳින කොට අතින් සල්ලි දෙන්න යෝජනා කරද්දි නුඹලා හිනා වෙයල්ලා.. අනික අලුතින් බඳින අය යනු දැනට විවාහ වී සිටින අයට ද යළි කසාදයක් කර ගත හැකි බවට වන සංඥාවකි.. එක්කෝ මේ මෝඩකමේ ප්‍රකාශයකි.. නැත්නම් ඡන්දදායකයා අව තක්සේරුවක බහා කරන්නකි.. ඇත්තෙන් ම මේ හොරා ( හොදම රාජ්‍ය නායකයා- හො..රා‍‍..නා..) එන්නේ ගරානාවට මිස නුඹලාගේ අනාගතය සව්සිරියෙන් පුරවාලීමට නොවේ..

විෂය මාලා සංශෝධනයට විරුද්ධව සාධාරණ අරගලයක් කළ සරසවි සිසුන්ට පන්න පන්නා ගැසූ මුරුග පාලනයේ අයිතිකරුද මොහු ය. යූජීසි එක ළඟ ‍කදුළු ගෑස් විදි සහ පොලිස් බැටන් පහර කෑ දරුවන් ගැන මේ මනුස්සයා අනුකම්පා කළ බවක් අසා ඇද්ද..? සරසවි කඩඉම් ලකුණු නොසලකා සිය පුතාගේ ලිපියට සරසවියට ළමුන් ඇතුළත් කිරිමේ වාතාවරණය ගොඩ නැගුවේ ද මොහු ය. ඉතිං එවන් මිනිසකු කරන ‍මේ ප්‍රකාශ බේගල් මුත්තාගේ කතාවක් ලෙස ගෙන සිනා වෙයල්ලා..

බීමට වස නැති ජලය ඉල්ලා වීදි බැස්ස රතුපස්වල තරුණයින් දෙදෙනකු පස් යට වැලළූ ඒකාධිපතියා ද මොහු ය. සාටකයෙන් කට පිස දැමූ විට කටේ දුගද මැකී නොයයි.. තටු සිදුණ ද ගිජුලිහිණියා කන්නේ මස් ය.. හොරා ද එසේ ම ය.. සිර දඩුවම් වින්දත් යළි යළි හොරකමේ යන්නේ ය. එනිසා හොරාගේ වරදාන දෙස බලා සිනාවෙයල්ලා..
සිනා.. සිනා.. මේව තමා පොලිටික්ස් සිනා..
සෙස්ස පස්සට..

අනුරසිරි හෙට්ටිගේ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us