හොරා ගේ 'මරාෆී', 'හොරාෆී'

Published in පුවත්
Monday, 27 July 2015 11:38

"සංචාරයක් සඳහා කාල්ටන් නිවසට පැමිණි මෙම සිසුන් තමන් සමග ඡායාරුප කිහිපයකට පෙනී සිටීමට හිටපු ජනාධිපතිතුමා එකඟ කර ගත් අයුරු." යන සටහන සහිතව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවෙහි ඊයේ (26) දිනයේ සෙල්ෆී ඡායාරූප 3ක් පළ කර තිබිණි.

මෙම ඡායාරූප සදහා බොහෝ හාස්‍යජනක ප්‍රතිචාර ලැබී තිබුණු අතර මීට පෙර පොලිස් නිලධාරීන් සමඟ ගත් ඡායාරූප 'පොල්ෆී' ලෙස හැඳින්වුණු පරිදි ඇතැමුන් මේවා හඳුන්වා තිබුණේ 'මරාෆී', 'හොරාෆී' ආදී නම් වලිනි.

හොරා යනු 'හො'ඳම 'රා'ජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් ම අරුත් ගැන්වීම බොහෝ උපහාසාත්මක ප්‍රතිචාරයන්ට මඟ කැපූ අතර මෑතක පටන් ඔහු සිය ජනප්‍රිය භාවය ඉහළ නංවා ගැනීම උදෙසා කරනා බොහෝ දේ විගඩම් වලින් කෙළවර වන බවක් පෙනේ.

මීට දින කිහිපයකට පෙරාතුව ඔහු විසින් ෆේස්බුක් පිටුව හරහා පැවැත් වූ ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහනද පිළිතුරු දී ගත නොහැකිවූ ප්‍රශ්න ඉදිරියේ වරද පිළිගැනීම් හා සමාව අයැදීම් වලින් පිරුණු එකක් වූ අතර සමස්තයක් ලෙස සමාජ මාධ්‍ය ජාලාහි ඔහුගේ ප්‍රචාරක ව්‍යාපෘතිය අන්ත අසාර්ථක එකක් බවට පත් වෙමින් තිබෙන ආකාරයක් දිස් වෙයි.

selfi

Last modified on Monday, 27 July 2015 11:59

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us