එහි අරමුණ වන්නේ මහ මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවලට ගුවන් කාලය වෙන්කර දීම සඳහා වැදගත් වන කාරනා පිළිබදව සාකච්ඡා කිරීමය.
ඊට අමතරව දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කරනු ලබන ප්රචාරයන් සම්බන්ධයෙන්ද මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂ ලේකම්වරුන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.