මහින්දලා මහජන දේපල කෙ‍ාල්ල කාපු හැටි මූණටම කියන්න කැමතියි-අනුර

Published in පුවත්
Monday, 27 July 2015 10:29

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තමාට එරෙහිව නඩු පවරන්නේ නම් ඒ අවස්ථාව සතුටින් භාර ගන්නා බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව තමා නගන ඇතැම් චෝදනා පිළිබදව නඩු දැමීමට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය කටයුතු කරමින් සිටින බව තමාට දැන ගැනීමට ලැබුණු බව ඔහු පැවසුවේය.

තමා මහින්ද රජපක්ෂට විරුද්ධව නැගූ වෝදනා පිළිබදව අධිකරණයකදී වුවද කරුණු දැක්වීමට කැමැත්තෙන් සිටින බව ඔහු කීවේය.

"මම මේ සමහර කියන ඒවට විරුද්ධව නඩු දානවා ලු. මාත් හරි සතුටින් ඉන්නෙ මහින්ද මහත්තයාව උසාවියෙදි හම්බ වෙන්න. මොකද මේවා වේදිකාවෙ විතරක් කියලා හරියන්නෙ නැහැ. මහින්ද මහත්තයා ඉදිරිපිටම මහින්ද මහත්තයගේ මූණටම කියන්න ඕනේ." යනුවෙන් අනුර කුමාර මහතා පවසයි.

මහින්ද රාපක්ෂ ඉදිරිපිටම නඩු කාරතුමා ඉදිරිපිටම මහින්දලා මහජන දේපල කෙ‍ාල්ල කෑ ආකාරය මූණටම කියන්න ලැබෙනවා නම් ඒ අවස්ථාව සතුටින් භාර ගැනීමට තමා කැමති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Last modified on Monday, 27 July 2015 10:34

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us