News Items (18842)
ලාංකීය දේශපාලන ඉතිහාසයේ පළමු වරට, විධායක ජනාධිපති ධූරයත්, ආණ්ඩු බලයත්, රජයේ මාධ්‍ය සහ රාජ්‍ය දේපළ සියල්ලත්, කැලෑ නීතියත්, සියල්ල අතැතිව, ඡන්ද දායකයින්ට වරදාන, වරප්‍රසාද, සහ අල්ලස් ලබාදෙමින් අතිශය දූෂීත ලෙස තුන්වෙනි වාරය සදහා ජනාධීපතිවරණයට තරඟ කළ එකම ජනාධිපතිවරයා ලෙසත්, එසේ තරඟ කර පරාජය වූ එකම ජනාධීපතිවරයා ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා ලාංකීය දේශපාලනය ඉතිහාසයට එකතු වූයේ ජනවාරී 8 වෙනි දිනය.
අකිල ඝාතන ප්රයත්නයක්- ටී56 ක් සමඟ දෙදෙනෙක් අත් අඩංගුවට
ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ඉන්දීය මිසයිල වැඩසටහනේ පුරෝගමියා වන අබ්දුල් කලාම් මියගොස් තිබේ. ඔහු මියගොස් ඇත්තේ මෙගාලය පළාතේ ෂිලෝන්ග් නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක දේශනයක් පවත්වමින් සිටින අතරතුරදියි.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව ඝාතනයක් යැයි රහස් පොලීසිය ඊයේ (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපති මෛත්‍රීට පිළිගන්වයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද(28) පිළිගන්වා තිබේ.
රාජපක්ෂ රෙජිමය පලවා හැරියත් හෙජමොනිය ක්‍රියාත්මකයි - විදර්ශන කන්නන්ගර
‘‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’’... මේ නම සයිබර් අවකාශයේ සැරිසරන අයට පමණක් නොව සාහිත්‍යය සිනමාව ඇසුරු කරන්නන්ට ද විශේෂයෙන් සිහිපත් කර දිය යුතු නැත. මෙම කණ්ඩායම විසින් වසරක් පුරා ‘‘සාහිත මධු සාදය’’ සහ ‘‘සිනමා මධු සාදය’’ නමැති කතිකාවත සංවිධානය කළේ ය; එය සමාජ ගතකළේ ය. මෙම කතිකා ද්වය තව තවත් ඉදිරියට රැගෙන යාමේ අටියෙන් ඔවුන් මේ වන විට ‘‘කුමාරයා’’ නමින් වෙඩ් අඩවියක් සයිබර් අවකාශයට මුදා හැර ඇත.
මතු දැක්වෙන්නේ එහි ප්‍රධාන සංස්කාරක විදර්ශන කන්නන්ගර සමග කළ කතා-බහක සංක්ෂිප්තයකි.
ද්‍රවිඩ ජාතික සන්ධානය ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය බව සිය මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කිරීමෙන් මෙරට ජාතිවාදීන්ට වාසියක් අත්කර දී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
එජාපෙ හා සිවිල් සංවිධාන එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම අද
මූලික දේශපාලන ප්‍රතිසංස්‌කරණ, තිරසාර සංවර්ධනය, බලශක්‌තිය, අධ්‍යාපනය හා මූලික මානව හිමිකම් සුරක්‌ෂිත කිරීමට අදාළ එකඟතා ගිවිසුමකට සිවිල් සංවිධාන 75ක් සහ එක්‌සත් ජාතික පෙරමුණ අතර අත්සන් තැබීම අද (28 වැනිදා) පෙරවරු 9.30 ට කොළඹ පදනම් ආයතනයේදී සිදුකෙරේ.
ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා අභාවප්රාප්තවේ.
ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා මීට ස්වල්ප වෙලාවකට පෙර දේශනයක් අතර තුරදී අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දෙමළ ජාතික සන්ධාන මෙවර මැතිවරණ ප්‍රකාශයෙන් උතුරේ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා පෙඩරල් විසඳුමක් අපේක්ෂා කරන බව දක්වා ඇත.
