ප්‍රචණ්ඩ ක්‍රියා 23ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 515 ක්

Published in පුවත්
Monday, 27 July 2015 15:54

මැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට කැෆේ සංවිධානය වෙත වාර්තා වන සිදුවීම් සංඛ්‍යාව 538 ක් වන අතර ඉන් 23 ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස වාර්තා වී තිබේ.තවත් සිදුවීම් 515 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ලෙස වාර්තා වී තිබේ.

පසුගිය සති අන්තයේ පුද්ගල පැහැරගැනීම් පහරදීම් සහ දේපළ අලාභ හානි කිරීම් ගණනාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ. මේ අතුරින් බරපතල සිදුවීම් මාතලේ සහ බදුරලිය ආදී ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මාතලේ රත්තොට ආසන සංවිධායිකා රෝහිණි කවිරත්න මහත්මියගේ නිවසේ පිහිටුවා ඇති මැතිවරණ කාර්යාලයේ සේවයේ නියුතු පියල් දසනායක මහතා පැහැරගෙන ගොස් පහරදී තිබේ. ඊයේ(26) පස්වරුවේ දසනායක මහතා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් එළියට පැමි‍ණෙමින් සිටි‍යදී වාහනයකින් පැමිණි පිරිසක් ඔහු පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කර ඇත.

හිටපු නි. අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ අධාරකරුවන් පිරිසක් තමා පැහැරගෙන ගිය බවත් මැර පිරිස තමන් ලක්ෂමන් වසන්ත පෙරේරාගේ නිවසට රැගෙන ගිය බවත් පියල් දසනායක මහතා මාතලේ පොලිසියට පැමිණිලි කර ඇත. දසනායක මහතා මේවන විට මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබයි.

එජාප කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතාගේ බදුරලියේ පිහිටා ඇති පක්ෂ කාර්යාලයට ගිණි අවි සහිතව පැමිණි කණ්ඩාමක් ජුලි 26 වනදා අළුයම මෙම පහරදීම සිදුකර තිබේ. මෙවර මහ මැතිවරණයේ ගිණි භාවිත කිරීමේ පළමු සිදුවීම මෙයයි.


මේ අතර නාවලපිටිය ගම්පල පාරේ අංක 211/7 දරණ ස්ථානයේ පිහිටි එජාප අපේක්ෂක ආනන්ද අළුත්ගමගේ මහතා‍ට අයත් කාර්යාලයක් ද ජුලි 25 වන දින කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us