තාජුඩීන්ව මරලා - රහස් පොලීසිය උසාවියට දන්වයි

Published in පුවත්
Tuesday, 28 July 2015 10:12

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව ඝාතනයක් යැයි රහස් පොලීසිය ඊයේ (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

අදාළ නඩුව සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලීසිය මේ බව දැනුම්දුන්නේය.

2012 වසරේ මැයි 27 වන දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය ආසන්නයේ මෝටර් රථයක් තුළ පිලිස්සී තිබූ තජූඩීන් සිරුර සොයාගැණින.

එම මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව රහස් පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ.

එම ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී වසීම් තාජූඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව ඝාතනයක් යැයි අනාවරණය වී ඇති බව රහස් පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

එහිදී අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර ඇත්තේ ඒ ගැන වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන ලෙසයි.

සබැදි පුවත්

රගර් ක්‍රීඩකයා මරා දැමු බවට යෝෂිතට යසාරාගෙන් චෝදනා ?

තාජුඩීන් ඝාතනයට දේශපාලක පුත්‍රයෙක්‌ ළඟදීම අත්අඩංගුවට

Last modified on Tuesday, 28 July 2015 11:10

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us