සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපති මෛත්‍රීට පිළිගන්වයි

Published in පුවත්
Tuesday, 28 July 2015 09:53

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද(28) පිළිගන්වා තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසට අද උදෑසනම ගිය අනුර ප්‍රියදර්ශන යාපා, දිනේෂ් ගුණවර්ධන, ඩිලාන් පෙරේරා ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් විසින් එය පිළිගන්වා ඇත.

“අනාගතයට සහතිකයක්“ යන තේමාව යටතේ සකස්කළ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය අද දිනයේ එළිදැක්වීමට නියමිතය.

අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙන්ද්‍රිපේදිරිස් ක්‍රීඩාංගණයේ දී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණේ හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශන පසුගියදා එළිදැක්විණ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us