සිය පරිවර රථයන් සමගින් සිය හිත්වතකුගේ නිවසට රාත්‍රී ආහාරය පිණිස යමින් යමින් සිටියදී මෙම සිදුවීම වූ බව අකිල විරාජ් මහතා පවසයි.
සිය ආරක්ෂකයින් මෙම මැර පිරිසෙන් දෙදෙනක් ටී 56 ගිණි අවියක් හා ඔවුන් පැමිණි වාහනය අල්ලා ගෙන පොලීසියට භාර දි තිබෙන බවත් ඔහු පවසා සිටී.
මෙය මහින්ද රාජපක්ෂ ගේ කණ්ඩායමක් විසින් කුරුණෑගල වැඩිම මනාපය ලබා තමා ජයග්‍රහණය කරාවි යන බියෙන් තමාව ඝාතනය කිරීමට ගත් උත්සාහයක් බව ඔහු වැඩි දුරටත් පවසයි. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා මෙම මැරයන් කාගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කලේද යන්න හෙළිකිරීම පොලිසියේ වගකිමක් බවද ඔහු පවසයි.