එජාපෙ හා සිවිල් සංවිධාන එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම අද

Published in පුවත්
Tuesday, 28 July 2015 07:47

මූලික දේශපාලන ප්‍රතිසංස්‌කරණ, තිරසාර සංවර්ධනය, බලශක්‌තිය, අධ්‍යාපනය හා මූලික මානව හිමිකම් සුරක්‌ෂිත කිරීමට අදාළ එකඟතා ගිවිසුමකට සිවිල් සංවිධාන 75ක් සහ එක්‌සත් ජාතික පෙරමුණ අතර අත්සන් තැබීම අද (28 වැනිදා) පෙරවරු 9.30 ට කොළඹ පදනම් ආයතනයේදී සිදුකෙරේ.

සාධාරණ සමාජයක්‌ සඳහා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්‌ටේ ශ්‍රී නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි, සිවිල් සංවිධාන වෙනුවෙන් මෙම එකඟතා ගිවිසුමට අත්සන් තබන අතර එක්‌සත් ජාතික පෙරමුණ වෙනුවෙන් එහි නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට අත්සන් තැබීමට නියමිතය.

සිවිල් සංවිධාන මැතිවරණයට තරග නොවදින දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති ඇතුළු සංවිධාන රැසක නියෝජිතයන් ද මෙම අවස්‌ථාවට එක්‌වීමට නියමිතව ඇත.

මහමැතිවරණයෙන් පසුව රටේ සිදුවිය යුතු යහපත් වෙනස්‌කම් වෙනුවෙන් මෙම එකඟතා ගිවිසුමට අත්සන් තැබේ.

Last modified on Tuesday, 28 July 2015 07:49

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us