දැන් ව්‍යාපෘති අරඹන්න රජ පවුලෙ අය අල්ලන්න ඕන නෑ - රවී

Published in පුවත්
Monday, 27 July 2015 14:44

යහපාලන ආණ්ඩුව යටතේ සිදු කළේ දූෂණය අඩු කිරීම නොව දූෂණය තුරන් කිරීම බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දූෂිත ව්‍යාපෘතිවලට යෙද වූ මුදල් ජනතාවගේ සාක්කුවට යන වැඩ පිළිවෙළ ආරම්භ වී ඇති බවයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා -
එදා සුදු වෑන්වලට ,ජීවන වියදමට දැනුණු බය දැන් නැහැ. අද මිනිස්සුන්ගෙ හිනාවෙන් පේනවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා කියලා.
පොරොන්දු 100 යෙන් 81 ක් ක්‍රියාත්මක කළේ මගේ අමාත්‍යාංශය හරහා. අපි ඒව කළේ කොහොමද කියලා දැන් හැමෝටම ප්‍රශ්නයක්. අපි දුෂණය අඩු කළා නෙමෙයි නැති කළා. බොරු ව්‍යාපෘති අපි ළඟ නෑ. ඒවා අපි ජනතාවට සහන වශයෙන් දෙනවා.

අපි ලක්ෂ 10 ක් රැකියා දෙනවා. ලංකාවෙ ආයෝජනය වැඩි කරලා තමයි අපි විදේශීය ආයෝජනය ගේන්නෙ. ඉතිහාසෙ වැඩියෙන්ම අයෝජන වැඩි වුණේ පසුගිය මාස හය තුළ. එදා ව්‍යාපෘතියක් ආරම්භ කරන්න රජ පවුලෙ කෙනෙක් අල්ලගන්න ඕනි. දැන් එහෙම නෑ. ඒ තමයි අපි ඔබට දීපු වරප්‍රසාද. අපේ ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් නෑ. කිසිම රටකට අපේ ආණ්ඩුව සල්ලිවලට ගන්න බෑ.

හිටපු ආණ්ඩුවේ හෙන්චයියො ටිකක් තාමත් ඉන්නවා. අගෝස්තු 17 අපේ ආණ්ඩුවෙන් අපි ඒකත් වෙනස් කරනවා. අපි බල්ලාගේ වැඩේ බූරුවට කරන්න දෙන්නේ නෑ.පොලීසියෙ වැඩේ උසාවියටත්, උසාවියෙ වැඩේ පොලීසියටත් අපි දෙන්නෑ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us