උතුරු මැද සභානායකට ඇප නෑ

Published in පුවත්
Wednesday, 29 July 2015 13:40

පළාත් සභා විමධ්‍යගත අරමුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උතුරු මැද පළාත් සභා නායක ආනන්ද සරත් කුමාර මහතාට ඇප ලබාදීම යළිත් වරක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

පළාත් සභා විමධ්‍යගත අරමුදලෙන් දිළිඳු ජනතාවට සෙවිලි තහඩු බෙදාදීමේදී රුපියල් ලක්ෂ නවයක පමණ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා මත උතුරු මැද පළාත් සභා නායකවරයා ජුනි මස 12 වන දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

සභා නායකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අද දිනයේ 06 වන වරටත් ඔහුට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතා සැකකාර සභා නායක ආනන්ද සරත් කුමාර මහතා අගෝස්තු මස 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් එදිනට සලකා බලන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කැ තිබේ.

(දෙරණ)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us