ශාන්ත බණ්ඩාර පමාවී හිත රිදෝගෙන

Published in පුවත්
Thursday, 30 July 2015 10:51

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ශාන්ත බණ්ඩාර සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර අැත. පසුගියදා ජනපති මෛත‍්‍රිපාල සිරිසේන සිදු කළ මහින්ද විරෝධී ප‍්‍රකාශයට විරෝධය පළ කරමින්තමන් සිය නියෝජ්‍ය ඇමති තනතුරින් ඉල්ලා අස්වන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසා ඇත.

කුරුණෑගල පිහිටි සිය නිවසේදී අද (30) උදෑසන කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහමැතිවරණයට තවත් සති දෙකහමාරක පමණ කාලයක් ඉතිරිව තිබියදී ඔහු ඉල්ලා අස්ව තිබේ.

නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමත් සමග තවත් සති තුන හතරක් යන්නට පෙර එම තනතුර ඉබේම අහෝසිවන්නටද නියමිතව ඇත.

අමාත්‍ය මණ්ඩලය තුළ නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙකු කටයුතු කළේය.

ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී.බී.රත්නායක, ඩිලාන් පෙරේරා, පවිත්‍රා වන්නිආරච්චි, මහින්ද යාපා අබේවර්ධන, තිස්ස කරලියැද්ද, එරික් ප්‍රසන්න වීරවර්ධන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න එසේ ඉවත් වූ අමාත්‍යවරුන්ය.

අද සිය ධුරයෙන් ඉවත් වූ ශාන්ත බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයාද සමග නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු මේ වනවිට සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

මැතිවරණය අාසන්නයටම පැමිණ මෙසේ ධුර වලින් ඉවත් වන්නේ මනාප වැඩි කර ගැනීමේ අභිලාෂයෙන් බව දේශපාලනඥයින් කිහිප දෙනක්ම පසුගිය දිනවල සදහන් කළේය.

 

Last modified on Thursday, 30 July 2015 10:56

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us