වසර 14 ක දීමනා නෑ-වතු කම්කරුවන් ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමේ සූදානමක

Published in පුවත්
Thursday, 30 July 2015 11:39

නීත්‍යානුකූලව ලබාදිය යුතු දීමනා වසර 14ක කාලයක සිට නොලැබීමේ අසාධාරණයක් සම්බන්ධයෙන් වතුකම්කරුවන් ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට සූදානම් වේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය වෙත එම පැමිණිල්ල ඉදිරිපත් කරන බව ලංකා වතු සේවා සංගමයේ සභාපති ධම්මික ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යන රාජ්‍ය වතුවල සේවය කළ කම්කරුවන් මෙන්ම නිලධාරීන්ටද මෙම දීමනා අහිමි වී ඇති බව ලංකා වතු සේවා සංගමයේ සභාපතිවරයා පැවසුවේය.

අදාළ දීමනා ගෙවිය යුතු බවට වූ කැබිනට් තීරණයද මෙතෙක් කි‍්‍රයාත්මක වී නොමැති බව ඔවුන්ගේ චෝදනාවයි. වසස අවුරුදු 60 සම්පූර්ණවූ සේවකයන්ට ගෙදර යාමට නොහැකිව අසරණ වී අැති බවත් මේවන විට වතු කම්කරුවන් කබලෙන් ලිපට වැටී අැති නිසා සාධාරණයක් බලාපොරොත්තුවෙන් අද පාරට බැස්ස බවත් මෙය සාර්ථක නොවුව හොත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඉදිරිපිට උද්ගෝෂණයක නියැලෙන බවත් පැවසුවේය. මේ ප්‍රශ්නය වලට විසදුම් නොදේ ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us