රොහාන් වැලිවිට තවත් බොරුවක් ගොතයි. මහින්ද සමුගන් නෑලූ!

Published in පුවත්
Monday, 03 August 2015 10:53

මැතිවරණයෙන් අනතුරුව ගෞරවනීය ලෙස දේශපාලනයෙන් සමු ගැනීමට අවස්ථාව සලසා දෙන මෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනපතිවරයාගේ ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා පැවසුවේය.

හිටපු ජනපතිවරයාට ඡන්දය ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින ඡන්ද දායකයන් අධෛර්යයට පත් කිරීමේ අරමුණින් මෙවැනි බොරු මාධ්‍ය ප්‍රචාර ගෙන යන බව 'බීබීසී' සංදේශය සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ය.

‘කොහෙත්ම නැහැ, එහෙම ඉල්ලීමක් කරන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ මැතිවරණ සටනෙදි ජයග්‍රහණය කරනවා. අනිවාර්යයෙන් අගමැති වෙනවා’ ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් රොහාන් වැලිවිට කියන්නේ බොරුකාරයෙක් බව පසුගියදා අකු‍රැස්සේදී රාජපක්ෂ මහතාගේ ඇඟිල්ල මිරිකීමේ ප්‍රශ්න සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයේදී ඔහු පැවසූවේ මහින්ද රාජපක්ෂ මහතාට අනතුරක් කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වූ බවය. එහෙත් රාජපක්ෂ මහතා පසුව කීවේ ඒ ආදරේට කළ වැඩක් බවය. ඒ අනුව හෙට දවසේදී රාජපක්ෂ මහතා මෙහි ඇත්ත නැත්ත හෙලි කරනු ඇත.


ගෝඨාභය රාජපක්ෂ :

කෙසේවුවද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එවැනි ඉල්ලීමක් නොකළ ද ඔහු වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එවැනි ඉල්ලීමක් කර ඇතැයි 'සත්හඬ' පුවත්පත වාර්තා කර තිබිණි.

මහ මැතිවරණයේදී සන්ධානය එක ආසනයක් හෝ වැඩිපුර ගතහොත් නව පාර්ලිමේන්තුවේ අගමැති ධුරය කෙටි කලකට මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන ලෙසත්, මාස කිහිපයක් ඇතුළත එම තනතුරෙන් ගෞරවාන්විත ලෙස ඉවත් වීමට ඔහු සුදානම් බවටත් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

සබැදි පුවත්

මහින්ද ගෞරවාන්විත සමුගැනීමක් ඉල්ලයි. ගෝඨා මෛත්‍රී ඉදිරියේ වැඳ වැටේ

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us